15976 BM WEB BANNER 01
Mar 31, 2017

ඒ330 ගුවන් යානා ගණුදෙනු ගැන පරීක්ෂණ Featured

ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයට ඒ330 ගුවන් යානා තුනක් බදු දීමේදී සහ විදෙස් සමාගමකින් ඒ-330-200 යානා තුනක් බදු ගැනීමේදී දූෂණ හෝ පරිපාලන වැරදි සිදුව ඇතිදැයි සොයා බැලීම සඳහා රජය පරීක්ෂණයක් පවත්වයි.

එම ගනුදෙනුවලින් රටට මූල්‍ය අලාභයක් සිදුව ඇතිනම් ඊට වගකිවයුතු ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර සහ අනෙකුත් නිර්දේශ ලබා දීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පත් කොට ඇත.

පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය සමඟ පැවති ගිවිසුම අවසන් වී මාස තුනක් ගතව ඇතත්, ඊට ගුවන් යානා බදු දීම වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් මිලියන දෙකක මුදලක් සහ එහි පොලිය තවමත් ශ්‍රීලංකන් සමාගමට ලැබී නොමැත.

මෙම ගනුදෙනුවේදී වංචා හෝ දූෂණ සිදුව ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් පකිස්තානු රජය ද පරීක්ෂණ පවත්වන අතර, එරට ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ ජර්මන් ජාතික බර්න් හිල්ඩන්බ්‍රෑන්ඞ් හට රටින් පිටවීම තහනම් කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ මෙම ගනුදෙනුවෙන් රටට වාසියක් අත් වූ බවයි.

මේ අතර, එස්ඒඑස්ඕඑෆ් ඒවියේෂන් අයර්ලන්ඞ් නමැති සමාගම වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ, ශ්‍රීලංකන් සමාගම තමන් සමඟ එළැඹුණු ගිවිසුමකට ප්‍රකාරව ගුවන් යානා බදු මුදල් ගෙවීමට හා ගිවිසුමට ප්‍රකාරව කටයුතු කරන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමිනි.

ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව අදාළ ගිවිසුම දීර්ඝ කිරීමට රත්වත්තේ කටයුතු කළේ කෙසේදැයි සොයා පරීක්ෂණයක් පැවැත්වේ.

සබැඳි පුවත් :

ශ්‍රී ලංකන් ආදායම බිලියන 2.4කින් අඩුවෙයි!

ශ්‍රී ලංකන් - PIA ගණුදෙනුව අවසන්!

PIA - ශ්‍රී ලංකන් ගිවිසුම ගැන පකිස්තානයේ පරීක්ෂණයක්

ශ්‍රී ලංකන් ගණුදෙනුවේ හොර අල්ලනකන් PIA තවත් හිරකරයි!

PIA ලොක්කාට පකිස්තානයෙන් පිටවීම තහනම්!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top