nsb

Mar 31, 2017

තිරසර ලංකා වෙත යන ඔබට වාසි (වීඩියෝ)

තිරසර අනාගත ශ්‍රී ලංකාවක සිහින දකින සියලු දෙනා වෙනුවෙන් තිරසර ලංකා ජාතික මංගල්‍යය අද (31දා) උදෑසන ආරම්භ වූ අතර, රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම නියෝජනය කරන වෙළඳ කුටි 700ක් මෙම ප්‍රදර්ශණයට ඇතුළත් වේ.

කිසිඳු ගාස්තු අයකිරීමකින් තොරව නැරඹිය හැකි මෙම ප්‍රදර්ශනය අද සිට ලබන අප්‍රේල් 04 වන දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී පැවැත්වේ.

සමහර වෙළඳ කුටි වලින් පාරිභෝගික ඔබට වටිනා විශේෂ වාසි ලබා ගත හැකි අතර එවැනි කුටි කිහිපයකි මේ.

චන්දනාලේප
නුගසෙවන ශාලාවේ පැවැත්වෙන මෙම වෙළඳ කුටියෙන් ලබාගත හැකි වාසි මෙසේය.



ස්වෙට්ෂොප්
නුගසෙවන ශාලාවේ පැවැත්වෙන මෙම වෙළඳ කුටියෙන් උස, බර ආදිය කිරාගත හැකි අතර, ශරීරයේ මේදය, BMA ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් වාර්තාවක් ද විනාඩි ගණනක් ඇතුළත නොමිලේ ලබාගත හැකිය.


සිලෝන් බිස්කට් සමාගම
සිලෝන් බිස්කට් සමාගමේ කුටිය වෙත පිවිසෙන ඔබට වට්ටම් ලබාගත හැකි අතර, නොමිලේ රසවිඳීමට සමපෝෂ සාම්පල් ද ලබාගත හැක.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top