15976 BM WEB BANNER 01
Apr 01, 2017

පීපල්ස් ලීසිං රජත සම්මනයකින් පිදුම් ලබයි

පීපල්ස් ලීසිං සමාගම ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ 'JASTECA CSR Award-2016' රිදී සම්මානයෙන් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්රමුඛතම මූල්ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම සඳහා සිය සමාජ ආයතනික වගකීම් ක්‍රියාවලිය ඇගයීමක් ලෙසින් ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ 'JASTECA CSR Award – 2016' රිදී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

‘ජපන් ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය’ (JASTECA) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල 21 වනවරට පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්විණ.

විසි එක් වසරක් පුරාවට ආයතනවල කාර්යක්ෂමතාව සහ තිරසාරත්වය ඇගයීම ජස්ටිකා සම්මාන උළෙල මගින් සිදු විය.

මෙවර 'JASTECA CSR Award – 2016' සම්මාන උළෙලේදී Taiki Akimoto 5S Award" Nagaaki Yamamoto Kaizen Award"  ඉයන් ඩයස් අබේසිංහ අනුස්මරණ ආයතනික සමාජ වගකීම/ තිරසාර සම්මානය ආදී වශයෙන් කාණ්ඩ 3ක් යටතේ සම්මාන ලබා දෙනු ලැබේ.

ඒ අනුව පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම හිමි කරගත් ඉයන් අබේසිංහ අනුස්මරණ 'JASTECA CSR/Sustainability – 2016 සම්මානය පිරිනමන්නේ තිරසාර සංවර්ධනයේ සමබර මූලධර්ම වන මිනිසා" මිහිකත හා ලාභාංශ (3P’s) යන අංශ 3 කෙරෙහි දැඩි කැපවීමක් හා ආයතනික මැදිහත්වීමක් සහිත ව්යාපාරික ආයතන විශිෂ්ටත්ව ඇගයීමක් ලෙසිනි.

තම සමාගමේ ඉලක්ක සහ අරමුණු සමඟ අනුගතවෙමින් පීපල්ස් ලීසිං සමාගම" ව්යවසායකත්වය සහ මූල්ය සාක්ෂරතාව නැංවීම" මහමඟ ආරක්ෂාව" අධ්යාපනය නඟා සිටුවීම" තිරසාර ප්‍රජා සංවර්ධනය හා පරිසර සංරක්ෂණය යන  පස් වැදෑරුම් ආයතනික සමාජ සත්කාරයක යෙදේ.

පීපල්ස් ලීසිං සමාගමේ තිරසාර සංවර්ධනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශිත ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ වලට (Sustainable Development Goals - SDG) අනුගතව සිදු කෙරේ.

එමෙන්ම පීපල්ස් ලීසිං සමාගම විසින් දියත් කෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් ප්රධාන කාර්යාලයේ ආයතනික වගකීම් අංශය සහ ශාඛා ජාලය තුළින් දිවයින පුරා කි්රයාත්මක කෙරෙන අතර ඒ සියල්ලට මූල්ය දායකත්වයට අමතරව එහි කාර්ය මණ්ඩලය විසින් ස්වේච්ඡා දායකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව (lka) ඉහළම ණය ශ්රේණිගතය හිමි මූල්ය සමාගමක් වේ. ජාත්යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

දිවයින පුරා 100කට වැඩි ශාඛා ජාලයක් හරහා ඡුඛක් සමාගම ලබා දෙන මූල්ය සේවාවන් අතර ලීසිං" පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්" ණය සාධ්යකරණය (Factoring)" ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්" පීපල්ස් මයික්රොෆිනෑන්ස්" පීපල්ස් ලීසිං ප්රොපටි ඩිවලොප්මන්ට්" පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගණුදෙනුකාරභවතුන්ට තම මූල්‍ය සේවාවන් සුහදශීලීව හා කඩිනමින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top