Apr 04, 2017

ඇමෙරිකාව හා සිංගප්පූරුව ඉන්නෙ අපිට පස්සෙන් (වීඩියෝ)

ආර්ථිකය අතින් සංවර්ධිත වුවත්, පාරිසරික අතින් හෝ සංස්කෘතිය අතින් ගතහොත් ඇමෙරිකාව හා සිංගප්පූරුව වැනි රටවල් සිටිනුයේ ශ්‍රී ලංකාවට වඩා පසුපසින් යැයි බ්ලූ මවුන්ටන් සමාගමේ අධිපති - වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසයි.

“ඒගොල්ලො පොඩ්ඩක් අපිට වඩා සල්ලි අතින් ඉස්සරහ ඇති. ඒක වෙනම කතාවක්. නමුත් අපි ඒගොල්ලන්ට වඩා සියගුණයක් සන්තෝසෙන් ඉන්නෙ.”

ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධිත රටක් බව තමා ප්‍රකාශ කරන බවයි. සංවර්ධනය යනු මුදල්, ආර්ථිකය, තාක්ෂණය හා යටිතල පහසුකම් පමණක් නොවන බවත්, සතුට වැදගත් සාධකයක් බවත් ඔහු සඳහන් කළේය.

වඩා හරිතමය හෙට දිනයක් වෙනුවෙන් එළිදැක්වුණු ‘Transforming Sri Lanka towards a Greener Tomorrow’ ව්‍යාපෘතිය එළිදක්වීම සඳහා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේ ය.

මේ සඳහා බ්ලූ මවුන්ටන් සමාගම විසින් අක්කර 1,000ක භූමිභාගයක වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එම යෝජිත වනාන්තර ආශ්‍රිත පදිංචි වී සිටින ජනතාව සමාගම් සේවකයන් ලෙස බඳවාගැනීමට ද නියමිතය.

දොස්තර ගෙ පොතේ CEO තනතුරේ වෙනසක් ඇතේ!
මීට අමතරව මෙම පරිසර ව්‍යාපෘතියට නායකත්වය ලබාදීමට බ්ලූ මවුන්ටන් සමාගම නව CEO කෙනෙකු පත්කරගැනීමට නියමිත බවද ඔහු මෙහිදී පැවසීය. මෙලෙස බඳවාගන්නේ ප්‍රධාන විධායක නිලධාරියෙකු (Chief Executive Officer) නොව ප්‍රධාන පරිසර නිලධාරියෙකු (Chief Environmental Officer) බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

බ්ලූ මවුන්ටන් සමාගම විසින් ඉදිරිපත් කරන මෙම සංකල්පයට සිය තරගකාරී සමාගම් ද එක්වන්නේ නම් සතුටක් බව ඔහු පවසයි. “අපිට අපිද කවුද කරන්නෙ කියන එක අදාල නෑ. මේ රට සංවර්ධනය වෙනවා නම් ඒක තමයි අපේ සංතෝෂය.”

වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා ගේ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

blue



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top