Apr 12, 2017

අලුත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ

සිංහල හා හින්දු අලුත් අවුරුදු ගණුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් 1973 වසරේදී බැංකුව සමග ගණුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලූත් අවුරුදු ගණුදෙනු සඳහා දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ සියළුම ශාඛා අප්‍රේල් මස 17 සඳුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ.  

එදින නව ගිණුම් විවෘත කිරීමට සහ පවතින ගිණුම් සඳහා මුදල් තැන්පත් කර තිළිණ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

ඒ අනුව රු 1,000 ක් තැන්පත් කළ විට කී ටැග් එකක්, රු 5,000 කට LED බල්බ් එකක්, රු 10,000 කට ටී පොට් එකක් හෝ රිචාජබල් ලැන්ටන් ටෝච් එකක්, රු 25,000 කට ජුවලරි බොක්ස් එකක් හෝ සෙල්ෆි ස්ටික් එකක්, රු 50000 කට ෆ්ලාස්ක් එකක් හෝ ස්මාට් වොච් එකක්, රු 100,000 කට ජූස් මේකර් එකක්, රු 250,000 කට එයාර් ෆ්‍රයර් එකක් හෝ වොටර් ෆිල්ටර් එකක් පිරිනැමේ. මීට අමතරව අවුරුදු ගනුදෙනු සිරිත අර්ථවත් කරමින් සෑම ගනුදෙනුවකටම තිළිණයක් පිරිනැමීමටත්, පැමිණෙන සියලූම දෙනා වෙත කැවුම් කිරිබතින් සංග්‍රහ කිරීමටත් මහජන බැංකුව කටයුතු යොදා තිබේ.

සුපුරුදු පරිදි මෙවරත් අවුරුදු සිරිතට ගණුදෙනු කටයුතු සිදුකිරීම සඳහා පැමිණෙන ලෙස මහජන බැංකුව  සිරිලක ඔබ සියළුදෙනා වෙත සාදරයෙන්  ඇරයුම් කර සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top