nsb

Apr 17, 2017

කැලණි කේබල්ස් වෙතින් මඩකලපුවේ විදුලි කාර්මික ශිල්පීන්ට දැනුම

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම විසින් දියත් කළ විදුලි කාර්මිකයන්ට වයර් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනුම ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් කැලණි කේබල්ස් සමාගමේ කර්මාන්තශාලා පරිශ්‍රයන් හි පසුගියදා පැවැත්විණ.

වයර් නිෂ්පාදන ක්‍රියාවලිය සියැසින්ම දැක බලාගෙන එය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගත හැකි මෙම වැඩසටහනට මෙවර එක් වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කරපත්තු, මඩකලපුව හා කල්මුණේ ප්‍රදේශවලින් තෝරාගත් විදුලි කාර්මික ශිල්පීන් 50කි.

අක්කරපත්තු, මඩකලපුව හා කල්මුණේ ප්‍රදේශවලින් පැමිණි එම විදුලි කාර්මික ශිල්පීන්ට කොළඹට ඒමට හා නැවත පදිංචි ප්‍රදේශ වෙත යෑමට ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සැපයූ කැලණි කේබල්ස් සමාගම තම දැවැන්ත කර්මාන්ත ප්‍රදේශයන්වන කැලණියේ හා සියඔලාපේ සිදුකෙරෙන විවිධ මාදිලියේ වයර් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදුණි.

එයට අමතරව මඩකලපුව ජලපහදු ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු" බී. සුදාකරන් මහතා විසින් විදුලි කාර්මික ශිල්පීය නවතම දැනුම සැපයෙන වැඩමුළුවක් ඔවුන් වෙනුවෙන් මෙහිදී පැවැත්වීම විශේෂත්වයකි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශීල්පීන්ට කැලණි කේබල්ස් සමාගමේ වයර් නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලාගැනීමේ මෙම විශේෂිත අවස්ථාව ලබාදීම සිදුවූයේ කැලණි කේබල්ස් සමාගමේ වෙළෙඳ කළමනාකරු (බෙදාහැරීම්) චාමින්ද වෛද්‍යතිලක හා වෙළෙඳ පාලක රැල්ෆ් රොෂාන් යන මහත්වරුන් ප්‍රාදේශීය වෙළෙඳ කළමනාකරු - වී. අරවින්දන් මහතා සමග එම ප්‍රදේශවල සිදු කළ අධ්‍යයනයකට අනුව එහි විදුලි කාර්මිකයන්ට වයර් නිෂ්පාදන කි්රයාවලිය පිළිබඳව අවම දැනුමක් තිබෙන බව අවබෝධවීමෙනි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිල්පීන්ට වයර් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ දැනුම ලබාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී - අනිල් මුනසිංහ මහතා පැවසුවේ “කැලණි විසුර සමාජ සත්කාරය තුළින් දිවයින පුරා විසිරුණු විදුලි කාර්මිකයන්ට නවතම දැනුම සැපයීම අප සමාගම විසින් නිරන්තරයෙන්ම සිදුකරන්නක්. ඒ අනුව දැනටමත් විසිදහසකට ආසන්න විදුලි කාර්මික ශිල්පීන් පිරිසක් ‘කැලණි විසුර’ සමාජයේ සාමාජිකත්වය දරණ අතර එමගින් ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වසර පුරා විවිධ ප්‍රතිලාභ සැපයෙනවා. එහෙත් විදුලි කාර්මික ශිල්පීන්ට අප සමාගමේ වයර් නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලාගැනීමේ හා විදුලි කාර්මික ශිල්පීය දැනුම ලබාදීමේ මෙවැනි වැඩසටහනක් සිදු කළේ දෙවනවරටයි. එම විදුලි කාර්මික ශිල්පීන් සමග පිළිසඳරේ යෙඳෙන විට වයර් සමග වසර ගණනාවක් කටයුතු කර ඇතත් සැබෑ වයර් යනු කුමක්ද? එහි අමුද්‍රව්‍ය හා ආරක්ෂිතබව රැකීමට භාවිතා කෙරෙන විශේෂිත උපක්රම පිළිබඳ වැටහීමක් නිෂ්පාදන ක්‍රියාවලිය සියැසින් දැක අවබෝධ කරගැනීමේ අවස්ථාව බොහොමයකට හිමි නොමැතිබව අප සමාගම හඳුනාගත්තා. එහෙයින් මෙවැනි වයර් නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ විශේෂිත අවස්ථා ඉදිරියේදීත් මෙරට පුරා විසිරුණු විදුලි කාර්මිකයන්ට ලබාදීමට අප සමාගම අදහස් කරනවා,” යන්නය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top