15976 BM WEB BANNER 01
Apr 19, 2017

විජේ මාල්යා ට ඇප

ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන විජේ මාල්යා හට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයකදී පවුම් 650,000ක ඇප ලබා දී ඇතැයි වාර්තා වේ.
 
 ඉන්දීය බලධාරීන් වෙනුවෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් ඊයේ දින (18) ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
 
ඈවර කෙරුණු කිංග්ෆෂර් එයාර් ලයින්ස් සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ.
 
තමා බැංකු වලට පවුම් මිලියන 600ක් පමණ ණය වුවත් වරදක් සිදුකර නැතැයි 61 හැවිරිදි මාල්යා සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top