nsb

Apr 21, 2017

පාටා සමුළුව ලබන මස මෙරටදී

ආසියානු පැසිෆික් සංචාරක ආයතනය (පාටා)විසින් සිය වාර්ෂික සමුළුව ලබන මාසයේදී මීගමුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මේ බව ඊයේ සංචාරක කටයුතු අමාත්‍යංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවදී නිවේදනය කෙරුණු අතර, මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානු ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය - ජෝන් අමරතුංග, එම අමාත්‍යංශයේ ලේකම් - ජනක සුගතදාස, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මල්රාජ් කිරිඇල්ල, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ කළමනාකාර අධ්‍යක්ෂක - සුතීෂ් බාලසුබ්‍රමානියම් හා පාටා ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති හුසේන් ජයා ද සහභාගී විය.

මෙම සමුළුව, ‘බිඳවැටීම, නවීකරණය හා විපර්යාස කුළින් සංචාරයේ අනාගතය’ යන තේමාව ඔස්සේ් මැයි 18 - 21 දක්වා රටවල් 34ක සහභාගීත්වයකින් මීගමුවේ ජෙට්වින් බ්ලූ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙම පස්දින සමුළුව වැඩමුලු කිහිපයකින්ද, රැස්වීම් කිහිපයකින්ද සමන්විත වන අතර, සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් හා රජයේ ප්‍රමුඛයන් සංචාරක හා චාරිකා සම්බන්ධ ආර්ථිකය බෙදාගැනීම යන කරුණු ද, පිළිගත් පවත්වාගෙන යා හැකි නායකත්වය යන කරුණු  පිළිබඳව ද අදහස් පළ කරනු ඇත.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමන් පාටා ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති හුසේන් ජයා මහතා පවසා සිටියේ මෙම සමුළුව මගින් එය පැවැත්වෙන රටට ඉබේම ප්‍රවර්ධනයක් ලැබීම මෙහි ‍ප්‍රධානතම වාසිය බවයි.

PETA 670px 21 04 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top