15976 BM WEB BANNER 01
Apr 24, 2017

හිල්ටන් ලොක්කන්, රවී ව හමුවෙයි

ශ්‍රී ලංකාවේ තවත් හෝටල් 6ක් කළමණාකරණය කිරීමට හිල්ටන් හෝටලය හා ගිවිසුම්ගතවීමෙන් අනතුරුව, එහි ජ්‍යෙෂ්ට කළමණාකාරිත්වයේ නිලධාරීන් පිරිසක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග වොෂිංටනයේදී හමුවී තිබේ.

ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අතරතුරදී සිදුවූ  මෙම හමුව පැවැත්වීමට මැදිහත් වී ඇත්තේ Albright Stonebridge Group හි ජේ‍යෂ්ට උපදේශකවරියක් ලෙස කටයුතු කරන නිෂා බිස්වාල් ය.

මෙම අවස්ථාවට හිල්ටන් හෝටල් සමාගමේ ජේ‍යෂ්ට උපසභාපති වන Jonas Neihardt සහභාගී වී තිබේ.

වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට මෙම හමුව අතරතුරදී ශ්‍රී ලංකාව තුළ වැඩි හෝටල් ප්‍රමාණයක් කළමනාකරණය කිරීම පමණක් නොව සංචාරයක කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු ජනතාව අතර ප්‍රවර්ධන කළ හැකි අයුරු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන්වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top