15976 BM WEB BANNER 01
Apr 26, 2017

ඩීමෝ විසින් Mercedes-Benz Vito වෑන් රථය හඳුන්වා දෙයි (ඡායා)

මෙරට ප්‍රමුඛතම මෝටර් වාහන සමාගමක් මෙන්ම ලෝ ප්‍රකට Mercedes - Benz හි මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම හෙවත් ඩීමෝ විසින් නවතම Mercedes - Benz Vito වෑන් රථය නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙයි.

පළමු Mercedes - Benz Vito වෑන් රථ තොගය ඩිමෝ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ - රංජිත් පණ්ඩිතගේ, ඩිමෝ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, මර්සිඩීස් - බෙන්ස් වාණිජ වාහන අලෙවි ව්යාපාර කළමනාකරු ශමල් ප්‍රනාන්දු මහත්වරුන් විසින් හම්බන්තොට Shangri-La හෝටලයේ සහ Diethelm Travel Lanka (Pvt) Ltd ආයතනය වෙත ලබාදීම මෙම උත්සවයේදී සිදුකෙරුණි.

ස්පාඤ්ඤයේ නිෂ්පාදිත මෙම වෑන් රථය මගී වෑන් රථ සහ ද්විත්ව කාර්ය වෑන් රථ යන වර්ග දෙකින්ම මිලදීගත හැකි වෙයි. අනිකුත් Mercedes - Benz මගී මෝටර් රථ හා සමාන තාක්ෂණයකින් සමන්විත මෙම නවතම Vito වෑන් රථ්‍ය පසුපස රෝද මඟින් ධාවනය කෙරෙන 163BHP ඉහළ බලයකින් යුත් වෑන් රථයකි. වේග 7ක ගියර් පද්ධතියකින් සමන්විත මෙම වෑන් රථයේ (7-G tronic) ගියර් පද්ධතිය සුක්කානම මත ඇති paddle shifters මඟින් හැසිරවීමේ හැකියාවක සහිතව නිපදවා තිබේ.

ටොන් 3ක් පමණ බරැති මෙම වෑන් රථය එම පන්තියේ බරින් අධිකතම වෑන් රථය වෙයි. එමෙන්ම ඊට සමාන අනිකුත් වෑන් රථ අතුරින් වැඩිම බරක් පැටවිය හැකි වෑන් රථය ලෙසද මෙම Mercedes - Benz Vito වෑන් රථය හැඳින්විය හැකිය.

ලීටරයට කිලෝමීටර් 16ක පමණ දරක් ධාවනය කළ හැකි මෙම වෑන් රථය Euro 4 Grade III එන්ජිමකින් ද සමන්විත වෙයි. ශ්‍රී ලංකාවේ වෑන් රථවල දැකිය හැකි ඉහළම තාක්ෂණය වන LED ILS (Intelligent LIghting System)  සහිත ප්‍රධාන ලාම්පු LED පසුපස ලාම්පු , තිරිංග ලාම්පු සහ සංඥා දැක්වීම් ලාම්පු වලින් මෙම වෑන් රථය සමන්විත වෙයි‍.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top