nsb

May 04, 2017

ගූගල් ඩොක්ස් වෙත ෆිෂින් ප්‍රහාරයක්

ගූගල් සමාගමට අයත් ගූගල් ඩොක්ස් (Google Docs) සේවයට ෆිෂින් ප්‍රහාරයක් (Phishing Attack) එල්ල වී ඇතැයි වාර්තා වේ.

ගූගල් ඩොක්ස් වෙතින් යැයි පැවසෙන ව්‍යාජ විද්‍යුත් තැපෑලක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මේ ප්‍රහාරයට සම්බන්ධ වූ ගිණුම් අවහිර කිරීමටත් ව්‍යාජ පිටු ඉවත් කිරීමටත් කටයුතු කර ඇති ගූගල් සමාගම, සිය සේවාදායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ තමතමන් ගේ විද්‍යුත් තැපැල් ගිණුම් වෙත මෙලෙස යොමු කර ඇති ඇති යොමුව (Link) මත ක්ලික් නොරකන ලෙසත් ඒ සම්බන්ධයෙන් ජීමේල් ඔස්සේ වහාම දැනුම් දෙන ලෙසත් ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය බලපා ඇති පුද්ගලයන් ප්‍රමාණය මේ දක්වා හෙළිදරව් කර නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top