nsb

May 05, 2017

The Great Manager Awards ලංකාවේ

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට තලයේ කළමනාකාරවරුන් හඳුනාගෙන, ඔවුන් ඇගයීමට ලක්කිරීමේ අරමුණ පෙරදැරිව The Great Manager Awards නමින් වැඩසටහනක් දියත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර මානව සම්පත් උපදේශන සංවිධානයක් වන The Colombo Leadership Academy හා People Business විසින් මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබයි.

විශිෂ්ට කළමනාකරුවන්ගේ එම විශිෂ්ටත්වය තුඩුදෙන හේතු මෙන්ම ක්ෂේත්‍රයේ සාමාන්‍ය සම්ප්‍රදායට සාපේක්ෂව කිසියම් ආයතනයක කළමනාකරුවන්ගේ ක්‍රියාකාරීත්වය, වෙනත් සමාගම්වල කළමනාකරුවන්ගෙන් ඔවුන්ට ඉගෙනගත හැකි දේවල්, සමස්තයක් ලෙස නායකත්ව සම්ප්‍රදාය වර්ධනය කරවීම සඳහා වැඩිවැඩියෙන් විශිෂ්ට කළමනාකරුවන් නිර්මාණය කරන ආකාරය යනාදිය ගවේෂණය කිරීම මෙම වැඩසටහනේ තවත් එක් අරමුණකි. ජාත්‍යන්තර ඇගයුම් ක්‍රමවේදයක් වන OPTI  ක්‍රමය පදනම් කරගෙන, නාම යෝජනා ලැබූවන්ගේ ක්‍රියාකාරීත්වය ඇගයීමට ලක්කිරීම මෙහිදී සිදුකෙරේ.

මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ දී පැවැත්වුණු අතර, එයට The Colombo Leadership Academy හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් හසන් මහතා හා People Business හි සභාපති අකිලේෂ් මණ්ඩාල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

“නායකත්ව හැකියාවන් හා ගුණාංග වැඩිදියුණු කරගෙන ඒ ඔස්සේ ව්‍යාපාරවල සාර්ථකත්වයට මග විවර කරගැනීම සඳහා පුද්ගලයන් හා සමාගම්වලට මගපෙන්වීම අපගේ ප්‍ර‍ධාන ඉලක්කයයි. එහි එක් පියවරක් ලෙස මෙසේ The Great Manager Awards සමග එක්වීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආදර්ශමත් නායකයන් හා කළමනාකරුවන් ඇගයීමට ලක්කිරීමට ලැබෙන අවස්ථාවක් වගේම සමස්ථයක් ලෙස රටේ සමාගම්වලට නායකත්ව ගුණාංගවලින් හෙබි පුද්ගලයන් නිර්මාණය කිරීමටත් අත්වැලක් වේවි,” යැයි රියාස් හසන් මහතා පැවසී ය.

The Great Manager Awards හිදී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම සිදුවේ. පළමු කාණ්ඩය යටතේ සමාගම් හා ආයතනවල විශිෂ්ට තලයේ කළමනාකාරවරුන්ට සම්මාන පිරිනමනු ලබන අතර දෙවන කාණ්ඩය යටතේ විශිෂ්ට කළමනාකාරවරුන් සහිත සමාගම් ඇගයීමට ලක්කෙරෙනු ඇත.

The Great Manager Awards සඳහා ලියාපදිංචි වීම 2017 ජූනි මස 30 වැනිදායින් අවසන් වේ. තරගයට සහභාගී වීම සඳහා www.greatmanagerawards.com/gma-srilanka.php වෙත පිවිසෙන්න. වැඩිදුර තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  මගින් ලබාගත හැක. නැතිනම් 0720865001/0720865000 අමතන්න.

The Great Manager Awards 1

The Great Manager Awards 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top