15976 BM WEB BANNER 01
May 05, 2017

කැලණි සවිය තව පස්වරකට දික්කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගමේ විශිෂ්ට හා සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනවන ‘කැලණි සවිය’ තවත් වසර පහකට දිගු කෙරුණි.

ඒ සඳහා වූ අවබෝධාත්මක ගිවිසුමට කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, උපුල් බී. දිසානායක යන මහත්වරු පේරාදෙණිය විශ්ව විද්‍යාල උපකුලපති කාර්යාලයේදී පසුගියදා අත්සන් තැබූහ.

විදුලි කාර්මික ශිල්පය ස්වයං රැකියාවක් ලෙසින් කරන්නන් හා පාසල් හැරගිය තරුණ තරුණියන් කුසලතා පූර්ණ පරපුරක් බවට පත්කිරීමේ අරමුණෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ.බී. ඒකනායක මහතා විසින් නිර්මාණය කළ මෙම ‘කැළණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පාඨමාලාවට ඇතුලත්වීමේ සුදුසුකම වන්නේ අ.පො.ස.(සා/පෙ* සමත්වීමය.

එමෙන්ම මෙරට විශ්ව විද්‍යාලයක් පෞද්ගලික සමාගමක් සමග එක්ව මෙවැනි ස්වරූපයේ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාවද මෙය විය.

මෙම අවස්ථාවට කැලණි කේබල්ස් සමාගම නියෝජනය කරමින් කරමින් කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී, අනිල් මුණසිංහ, මෙහෙයුම් සාමාන්‍යාධිකාරී, උපුල් මහානාම, වෙළෙඳනාම ප්‍රවර්ධන කළමනාකරු, චන්න ජයසිංහ, මානව සම්පත් කළමනාකරු, අසිත සුමණසේකර, අලෙවි කළමනාකරු, චාමින්ද වෛද්‍යතිලක, අලෙවි කළමනාකරු, (අපනයන*, දේවින්ද ලොරොන්සුහේවා හා වෙළෙඳ කළමනාකරු (ව්‍යාපෘති), සුරංග පතිරණ, යන මහත්වරු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සමාගමක් විසින් දියත් කළ විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක සේ සැළකෙන ‘කැළණි සවිය’ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ජේ.බී. ඒකනායක මහතාගේ සංකල්පයක් මත වසර 2007දී පේරාදෙණිය සරසවියේ උප කුලපති මහාචාර්ය, එස්.බි.එස්. අබේකෝන් මහතා හා කැළණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා මහතා විසින් අවබෝධාත්මක ගිවිසුම් අත්සන් තැබීමෙන් අරඹන ලද්දකි. නමුත් නියමයන් හා කොන්දේසීවලට අනුව එම ගිවිසුම වසර 2012දී අවසන්වීමට නියමිත වූවත් කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණාල මහතා විශ්ව විද්‍යාල අධිකාරීත්වය සමග සාකච්ජාකිරීමෙන් පසු තවත් වසර 5කට එනම් වසර 2017 දක්වා එම පාඨමාලාව දිගු කෙරුණි. පසුගිය වසර 10 තුළ සිසුසිසුවියන් 500කට අධික පිරිසක් මෙම සුවිශේෂී පාඨමාලාව හදාරා තිබෙන අතර, එයින් බොහොමයක් මෙරට හා විදේශීය රටවල දක්ෂ වෘත්තිකයන් සේ රැකියාවෙහි යෙදෙන අතර, තවත් පිරිසක් සාර්ථක ව්‍යාපාරිකයෝ බවට පත්ව තිබෙති.

විශ්ව විද්‍යාල සහතික ලත් කුසලතාපූර්ණ විදුලි කාර්මිකයන් ජාතියට තිළිණකිරීමේ අරමුණෙන් පවත්වන ‘කැලණි සවිය’ එක් අවුරුදු විදුලි කාර්මික පුහුණු පාඨමාලාව තවත් වසර 5කින් දි`ගුකිරීමේ අවබෝධාත්මක ගිවිසුම අත්සන්කිරීමෙන් පසු   අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘වසර පුරාම අධ්‍යාපනය, දැනුම ලබාදීමට අමතරව පරිසර සුරැකීමේ සමාජ සත්කාරක වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කරන කැලණි කේබල්ස් සමාගමට මෙම ‘කැලණි සවිය’ සුවිශේෂී සමාජ සත්කාරක වැඩසටහනක්. මන්ද මෙමගින් සරසවි සහතික ලද කුසලතාපූර්ණ තරුණ පිරිසක් සමාජයට තිළිණ කෙරෙනවා. එමෙන්ම අංගසම්පූර්ණ හා ඵලදායි පාඨමාලාවක් ලෙසින් එය පවත්වාගෙන යන පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට මම මෙහිදී ප්‍රණාමය පුද කරන අතර, මෙයට තෙවරකට පෙර සිට උතුරු නැගෙනහිර යෞවනයන්ගේ ජීවිත ආලෝකමත් කිරීමේ සද්කාර්යයක් ලෙසින් යාපනය විශ්ව විද්‍යාලය සමගත් ‘කැලණි ශක්ති’ නමින් අප මෙවැනිම සමාජ සත්කාරක වැඩසටහනක් ඇරඹීම එම සද්කාර්ය තවත් ඉදිරියට යෑමක්. තවද අනෙකුත් විශ්ව විද්‍යාල සමගත් මෙවැනි ඵලදායි වැඩසටහන් ඇරඹීමේ කැමැත්තෙන් කැලණි කේබල්ස් සමාගම පසුවන බව දන්වන්නේත් සතුටෙන්,’ යන්නය.

මෙම අවස්ථාවට එක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය, උපුල් බී. දිසානායක මහතා පැවසුවේ, ‘කැලණි කේබල්ස් සමාගම විශාල ධනයක් වැයකරමින් පුරා වසර 10ක් අඛණ්ඩව මෙම ‘කැලණි සවිය’ වැඩසටහන පවත්වාගෙන යෑම මෙන්ම එය තවත් වසර 5කින් දිගුකිරීමට එක`ගවීම මා දකින්නේ ජාතිය වෙනුවෙන් කළ කදිම මෙහෙවරක් ලෙසින්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙසින් මෙවැනි සද්කාර්යයකට දායකවීමට ලැබීම මගේ වෘත්තික දිවියේ කදිම සළකුණක් සේ මා සළකනවා’ යන්නය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top