15976 BM WEB BANNER 01
May 11, 2017

ජගත් වෙසක් සැමරුමට බ්ලූ මවුන්ටනුත් එක්වෙයි

හෙටින් (12) කොළඹ දී ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් මංගල්‍යය සැමරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රටවල් 80 ක රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් රැසක් මෙරටට පැමිණීමට නියමිතය.

මෙරට ප්‍රමුඛතම දේපල වෙළෙඳ සමාගමක් වන බ්ලූ මවුන්ටන් සමාගම ද මෙම දැවැන්ත වෙසක් උත්සවයට සම්මාදම් වී තිබේ.

බත්තරමුල්ලේ ජපන් මිත්‍රත්ව පාර හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත දෙපස අලංකාර වෙසක් පහන් කූඩු ඉදිකිරීමෙන් ඔවුන් මෙලෙස ජාත්‍යන්තර වෙසක් මංගල්‍යයට දායක වේ.

නෙළුම් මල් හා දාගැබ් හැඩැති හා අඩි 6ක් උසැති මෙම පහන් කූඩු ඉහත මාර්ග වල මීටර 6න් 6ට තබා ඇති තිබේ.

මේ සම්බන්ධයෙන් බ්ලූ මවුන්ටන් සමාගමේ සභාපති - වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි.

“මෙවර කොළඹ පැවැත්වෙන එෙතිහාසික ජාත්‍යන්තර වෙසක් මංගල්‍යයට සහභාගී වීමට හැකිවීම අපි ලද විශාල ගෞරවයක් ලෙස සලකන මෙන්ම, වෙසක් සමයේ ආලෝකය පැතිරවීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටු වන්නෙමු. ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතීන් ගේ වෙසක් කලාපයට පැමිණ වෙසක් අසිරිය විඳිනා මෙන් අපි මහජනයාගෙන් ඉල්ලා සිටිමු.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top