15976 BM WEB BANNER 01
May 11, 2017

චයිනීස් ඩ්‍රැගන් නුගේගොඩට එයි

ශ්‍රී‍ ලංකාවේ චීන අවන්හල් ව්‍යාපාරයේ පුරෝගාමී හා ප්‍රමුඛතම සමාගමවන ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගම’ (Chinese Dragon Café (Pvt) Ltd) තම ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ දී විවෘත කර තිබේ.

අංක 242, හතේ කණුව, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනය දරණ මෙම ශාඛාව, වසර 1942 සිට පවතින ඩ්‍රැගන් කැෆේ ජාලයේ අටවැනි ශාඛාව වේ.

නුගේගොඩ නවතම චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල විවෘතකිරීමේ අවස්ථාවට එක් වූ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා පැවසුවේ, ‘අප සමාගම මීළග අවන්හල නුගේගොඩ නගරයේ ඇරඹීමට හේතුවූයේ මෙම වසර මුලදී නාවල ඇරඹූ අවන්හල බොහෝ සාර්ථකත්වයට පත්වීමෙන්. විශේෂයෙන්ම නාවල හා පැලවත්තේ අවන්හල් සතිඅන්තයේ පාරිභෝගිකයන්ගෙන් පිරීයෑමෙන් සිදුවන ප්‍රමාදය අවමකිරීමේ උත්සාහයක් ලෙසිනුයි. එම අවන්හල්වල සිදුවන පමාවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් Facebook ඇතුළු සමාජ මාධ්‍ය තුළින් අදහස් දැක්වීමෙන් අප නුගේගොඩට පැමිණීම ඉක්මන් වූවා. එහෙයින් නුගේගොඩ චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හලෙන් හයිලෙවල් පාරේ පිහිටි කාර්යාල, අවට උගනින ශිෂ්‍යයන් හා නුගේගොඩ, කිරුළපන, විජේරාම, මහරගම හා පැපිලියාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ට රස ආහාර වේලක අත්දැකීම පහසුවෙන් ලබාගත හැකිවෙනවා. එමෙන්ම ඉතා උසස් ආහාර වේලක් පාරිභෝගිකයන්ට සපයන අපේ කාර්ය මණ්ඩලයට මෙහිදී මා විශේෂයෙන්ම ස්තුතිවන්තවන අතර, දැනටමත් 300ක සේවක පිරිසක් අප සමග එක්ව සිටිනවා. නව අවන්හලක් විවෘත කෙරෙන සෑම වරෙකම තවත් 30 දෙනෙකුවත් අප සමාගමට එක්වනවා. එහෙයින් ‘මතක හිටින කෑමක්’ සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල මතක තබාගන්නැයි මා අවසන් වශයෙන් පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා.’ යන්නය.

‘මතක හිටින කෑමක්’ නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට ‘රසය’ මතකයේ රැඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගම’ සැමවිටම උත්සාහ කරන්නේ කාටත් දැරිය හැකි මිලකට පිසූ සැනින් නැවුම් ආහාර පාරිභෝගිකයන් අතට තිළිණ කිරීමටය. එම අවන්හල්වල රුපියල් 50 සිට ඉහළට සියලූ පාරිභෝගික අවශ්‍යතාවට අනුව ආහාර සැපයේ. එමෙන්ම නිර්මාංශික ආහාර, සීනි එක් නොකළ නැවුම් පළතුරු යුෂ, මිල්ක් ෂේක් හා අයිස්ක්‍රීම් වර්ග පසුගිය වසරේ සිට තම ආහාර නාමාවලියට ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සමාගම විසින් එක් කර ඇත. පැයක් ඇතුළතදී අලූතෙන් පිසූ නැවුම් ආහාර අවන්හල අවට ඇණවුම්කරුවන්ට බෙදාහරින ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සමාගම පාරිභෝගිකයන් සංතෘප්තවන ආකාරයෙන් ආහාරවල ගුණාත්මකබව වර්ධනයකිරීම, ප්‍රමාණය හා වේගවත්බව සම්බන්ධයෙන් නිරන්තර පුහුණු වැඩසටහන් තම සේවකයන් වෙනුවෙන් පවත්වනු ලබයි.
    
එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයක් වන ‘චිලී පේස්ට්’ එම සමාගමේ අවන්හල්වලින් හා දිවයින පුරා පිහිටි කීල්ස් සුපර් හා ආර්පිකෝ සුපිරිවෙළෙඳසල්වලින් දැන් මිලදීගත හැක. එමෙන්ම නිර්මාංශික චිලී පේස්ට්ද එම සමාගම විසින් නිෂ්පාදනය කෙරේ.

පාරිභෝගික අදහස්වලට සැමවිටම සවන්දෙන චයිනීස් ඩ්‍රැගන් කැෆේ සමාගමේ අවන්හල්වල සේවාව හා ආහාර සම්බන්ධයෙන් යෝජනා හා විවේචන තම සමාජ වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල හා දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයන්ට සැපයීමේ අවස්ථාව සපයා තිබේ. එමෙන්ම පාරිභෝගික සම්බන්ධතාවට ප්‍රිය එම සමාගමේ ආහාර තම ජංගම දුරකතනය භාවිතා කරමින් හෝ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල ගෙවීමකින් හෝ රැගෙන ආ පසු මුදල් ගෙවීමේ පදනමින් ආහාර ඇණවුම්කිරීමට හැක. චයිනීස් ඩ්‍රැගන්  කැෆේ Facebook පිටුව රසිකයන් 155,000කට වැඩි සංඛ්‍යාවක් කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතාකරන්නක් වන අතර නුදුරු අනාගතයේදී Google Virtual Tour  ප්‍රයෝජනයට ගනිමින් ‘මතක හිටින කෑමක්’ (Meal to Remember) රස විඳීමට චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල් හි පහසුකම් දැකබලාගැනීමට ආහාර රස විඳින්නන්ට හැකියාව ලැබේ.

Dragon

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top