Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
May 12, 2017

ශ්‍රී ලංකන් - Agoda.com හා එක්වේ

හෝටල් පහසුකම් වෙන්කරගැනීමේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් ලෙස ලොව පුරා සංචාරකයන් අතර සුපතල agoda.com වෙබ් අඩවිය හා හවුලකට එළැඹුණු බව මෙරට ජාතික ගුවන් සේවාව වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ශ්‍රී ලංකන් විසින් ට්විටර් මගින් සිය ෆ්ලයිස්මයිල් සාමාජිකයන් වෙත මෙම පණිවිඩය යොමුකර තිබුණේ මෙසේය.

tweet

විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් ගමන්
මේ අතර,  සිට කොළඹ සිට ඉන්දියාවේ විශාකාපට්නම් දක්වා ලබන ජූලි මාසයේ පටන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතියකට දින 04ක් සෘජු ගුවන් ගමන් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ජුලි මස 08 වන දින සිට මෙම සෘජු ගුවන් සේවා ආරම්භවීමට නියමිතය.

ඒ අනුව සෑම සතියේ දිනකම අගහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල කොළඹ සිට විශාකාපට්නම් දක්වා සෘජු ගුවන් ගමන් සිදු කෙරෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top