May 19, 2017

මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටර් මෙරටට

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සහ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ගොවිපල උපකරණ අංශය එක්ව  නවතම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය හඳුන්වා දෙන ලදී.

ට්‍රැක්ටර් ක්ෂේත්‍රයේ අංක එක හිමිකරගෙන සිටින මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් හි ජාත්‍යන්තර කීර්තිය තවදුරටත් වර්ධනය කරමින් මෙම නවතම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය හඳුන්වා දෙයි.

සුපිරිතම තාක්ෂණයෙන් යුත් නවතම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය අශ්ව බල 30 - 45 ත් අතර වේග සීමාවකින් සමන්විත වෙයි. ගොවිපළ හා කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු බොහොමයක් ආවරණය කරමින් පුළුල් සේවාවක් සැපයිය හැකිවන  පරිදි මෙම නවතම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය නිපදවා තිබේ.

ආවේණික ආකෘතියකින්යුතු මෙම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය ඉදිරිපසට ගියර් 12ක් සහ පසුපසට ගියර් 3කින් සමන්විතයි. කෘෂි හා ගොවිපළ ආශ්‍රිත සේවා විශේෂ 30 කට අධික ප්‍රමාණයක් සඳහා යොදවා ගත ගත හැකි නවතම මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය මනරම් නිමාවකින් සහ පහසුවෙන් හැසිරවිය හැකිවන ආකාරයට නිපදවා තිබේ. වේගවත් ක්‍රියාකාරීත්වයකින් සහ උසස් තත්වයේ සේවාවක් සැපයිය හැකිවන ආකාරයට මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය නිපදවා තිබීම ද විශේෂත්වයකි.

දේශිය සහ ග්‍රාමීය ගොවියාගේ බිම් සැකසීම් කටයුතු වල සිට අස්වනු නෙලීමේ කටයුතු දක්වා මෙන්ම පශ්චාත් අස්වැන්න දක්වාම පුළුල් මෙහෙවරක් ඉටුකිරීමට හැකිවන උසස් තාක්ෂණික ක්‍රමවේද සහිතව   මහීන්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය නිර්මාණය කර තිබේ.

මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද්‍රා  සහ මහින්ද්‍රා සමාගමේ දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර මෙහෙයුම් උප සභාපති සන්ජේ ජාදේව් මහතා සඳහන් කළේ ලෝකයේ අංක 1 ට්‍රැක්ටරය වන මහින්ද්‍රා  විවිධ රටවල ගොවි ජනතාවට කෘෂි විශේෂඥ සහාය ලබාදීමේ නියමුවන් ලෙස කටයුතු කරන බවයි.මෙමඟින් එම ගොවි ජනතාව සිය අනාගතය සාක්ෂාත් කරගන්නා බව ද සන්ජේ යාදෙව් මහතා සඳහන් කරයි.දිවයිනේ ගොවි ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් මහීන්ද්‍රා  යුවෝ ට්‍රැක්ටරය හඳුන්වා දෙන්නේ මෙරට ගොවියාගේ හෙට දවස සාර්ථක කරගැනීමට සහය දීම සඳහා බව පෙන්වා දුන්නේය. විවිධ රටවල විවිධ ගොවි අවශ්‍යතා  කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා වඩාත් සුදුසු තාක්ෂණික පහසුකම් සහිතව මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය නිපදවා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.මේ අනුව මේ වනවිට වෙළඳ පළේ පවතින එකම කෘෂි විශේෂඥ ට්‍රැක්ටරය ලෙස මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය හඳුන්වාදිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන ඩීමෝ සමාගමේ සභාපති  සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පෙන්වා දුන්නේ    ශ්‍රී ලංකාව වී ගොවිතැන සහ කෘෂිකර්මාන්තය හා  බැඳුන ආර්ථිකයක් සහිත සමාජමය වටපිටාවකින් සහ සංස්කෘතියකින් යුත් රටක් බවයි. ගතවූ දශක දෙකකට අධික කාලයක් මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් හා ඩීමෝ එක්ව මෙරට ගොවියා නැංවීම සඳහා පුළුල් මෙහෙවරක නිරත වී ඇති බව ද  හෙතෙම සිහිපත් කළේය. එය තවදුරටත් වර්ධනය කරමින් මෙම නව හදුන්වා දීම මඟින් අති නවීන ගොවි විසඳුම් රැසක් මෙරට ගොවියා වෙත තිළිණ කෙරෙන බව ද පණ්ඩිතගේ මහතා සඳහන් කළේය. එමඟින් මෙරට ගොවියාගේ  නිෂ්පාදනය වැඩිදියුණු වන අතර ආදායම් තත්වය ඉහළ යන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඩීමෝ හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවය, විශ්වාසය සහ කීර්තිමත් භාවය තුළින් මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් ශ්‍රී ලංකාව තුළ ස්ථාවර කරවීමට සමත් වූ  බව ඩීමෝ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මහින්ද්‍රා යුවෝ  නවීන  තාක්ෂණික විශේෂාංග ගණනාවකින් සමන්විත  වන අතර ගොවි මෙහෙයුම් සඳහා සුපිරිතම සේවාවක් සැපයිය හැකිවන ලෙස මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය නිපදවා ඇති බවද  ඒ මහතා පෙන්වා දුන්නේය.  ඕනෑම තත්වයක පසකට සරිලන ආකාරයේ ක්‍රියාකාරීත්ව  30 කට අධික ප්‍රමාණයකින් සමන්විත මහීන්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය ග්‍රාමීය සහ දේශීය කෘෂිකර්මාන්තය සඳහා සහ දේශීය කෘෂි ප්‍රජාව සඳහා වඩා යෝග්‍යතම ට්‍රැක්ටරය බවද හෙතෙම සඳහන් කළේය.
 
නවතම විලාසිතාවකට නිමවා ඇති මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය මෙහෙයුම් කටයුතු  වඩාත් සුවපහසු  ආකාරයට මෙහෙයවීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වෙයි. මෝටර් රථයක මෙන් පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට මෙහෙයුම් අසුනට පැත්තකින් ගියර් හැඩලය පිහිටා තිබීම නිසා රියදුරාට ඉතා පහසුවෙන් මෙම මහින්ද්‍රා යුවො ට්‍රැක්ටරය හැසිරවිය හැකිවෙයි.ශක්තිමත් නිමාවකින් යුතු මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරයේ මෙහෙයුම් කුටිය සුවපහසු අසුනකින් සමන්විත වන අතර ලීවර සහ පැඩල් පද්ධතිය ඉතා පහසුවෙන් අවම උත්සාහයකින් යුතුව මෙහෙයවිය හැකිවන ආකාරයට නිමවා තිබීම විශේෂත්වයකි. මේ නිසා දිගු වේලාවක් ගොවි කටයුතු වල නිරත වුවද වෙහෙසකින් තොරව එම කටයුතු නිමකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.  නවීන තාක්ෂණය යොදාගනිමින් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ පෙරළියක් සිදුකිරීමට  මහින්ද්‍රා යුවෝ ට්‍රැක්ටරය සමත් වනු නියතය.

mahindra 1

mahindra 2

mahindra 3

mahindra 5

mahindra 4

mahindra 6mahindra 8

mahindra 9

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top