May 23, 2017

ඇඩ්කෝව් ඉන්ටර්නැෂනල් මෙරටට

ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ප්‍රකට ගෝලීය ප්‍රචාරණ හා අලෙවිකරණ සමාගමකවන ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවක් (AdCove International Advertising and Marketing Pvt Ltd) පසුගියදා ශ්‍රී ලංකාවේ විවෘත කරනු ලැබීය.

බත්තරමුල්ලේ, රොබර්ට් ගුණවර්ධන මාවතේ අංක 178 දරණ ස්ථානයේ විවෘත කළ එම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවෙන් මෙරට  ඕනෑම ව්‍යාපාරික හා සංවිධානවලට නව ආරක ප්‍රචාරණ හා අලෙවිකරණ විසඳුම් ලබාගත හැක.

ප්‍රචාරණ හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ පළපුරුදු කණ්ඩායමක් විසින් පස්වසරකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නගරයේ මෙම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම ඇරඹුවේ වෙනස් ආරක වෙළෙඳ දැන්වීම්, එළිමහන් හා ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණය ගෝලීය වශයෙන් සැපයීමේ අරමුණෙනි. විශේෂයෙන්ම විවිධ ප්‍රචාරණ උපක්‍රම කාලානුරූපව ක්‍රියාත්මක කරමින් ගෝලීය සේවාදායකයන්ගේ ව්‍යාපාරික අභිප්‍රායයන් ශක්තිමත් කරන ආකාරයෙන්ම ඔවුන්ට ඉහළම ආකාරයෙන් ආයෝජනයට සරිළන ප්‍රතිලාභ ලබාදෙන ප්‍රචාරණ සමාගමක් ලෙසින් ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම ලොව පුරා ප්‍රකටය.

ගෝලීය මූලෝපායන් දේශීය මුහුණුවරක් යටතේ ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් සමීක්ෂණ පැවැත්වීමේ සිට වෙළෙඳනාම හා ව්‍යාපාර සඳහා කදිම අනන්‍යතාවක් ගොඩනැගීම ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ විශේෂත්වයක් සේ සැළකේ. 

‘අප සමාගමේ කාර්ය වන්නේ තම ව්‍යාපාර වර්ධනය කරගැනීම හා අලෙවි අභිප්‍රායයන් ඉෂ්ඨ කරගැනීමට අපේ සේවාදායකයන්ට නව්‍ය හා ඵලදායි ප්‍රචාරණ හා අලෙවිකරණ විසඳුම් සැපයීමයි. ඒ සඳහා අප සමාගම සැමවිටම තෝරාගන්නේ නිශ්චිත ප්‍රතිපල ලබාදිය හැකි ප්‍රචාරණ හා අලෙවිකරණ වැඩසටහන්. එමෙන්ම සේවාදායකයන් සමග ඉතා සුහදශීලී සබඳතාවක් පවත්වන අප ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා හඳුණාගන්නේ ඉතා ගැඹුරු ස්වරූපයෙනුයි. එයින් පසු නැවුම් ආරක ප්‍රචාරණ සැළසුම් දියත් කරන්නේ ප්‍රචාරණ ආයෝජනයෙන් කදිම ප්‍රතිලාභ සැපයෙන ලෙසින්.’ ඇඩ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගමේ ශාඛාවක් ශ්‍රී‍ ලංකාවේ ඇරඹීමේ උත්සවයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය. 

 ඇඞ්කෝව් ඉන්ටර්නැෂනල් සමාගම (www.adcoveinternational.lk), ශ්‍රී ලංකාව තුළ තම සේවාදායකයන්ට සැපයෙන සේවා අතර, සැළසුම් හා මූලෝපාය සැකසීම, නිෂ්පාදන සන්නාමකරණය, ඩිජිටල් ප්‍රචාරණය, UX හා UI  වෙබ් අඩවි නිර්මාණය, සමාජ මාධ්‍ය, මෘදුකාංග, මුද්‍රිත, රූපවාහිනී හා ගුවන්විදුලි වෙළෙඳ දැන්වීම් නිර්මාණය, ත්‍රිමාණ/පරිගණක රූරටා නිර්මාණය, සුවිශේෂී ඉන්දීය මෝස්තර නිරූපන ශිල්පී බැංකුව, ඇසුරුම් විසඳුම් සැපයීම, එළිමහන් ප්‍රචාරණය, දැන්වීම් ප්‍රචාරණය සැලසුම් කිරීම, ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණය, විවිධ ක්‍රියාකාරකම් හා උත්සව සංවිධානය, හා නිර්මාණාත්මක ජායාරූපකරණය ආදිය වෙති.

AdCove Launch Cross section of the parcipants

AdCove Launch of website by Ms. Amari Wijewardene

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top