May 26, 2017

පීපල්ස් ලීසිං ශාඛා නව මුහුණුවරකින්

වැඩි ගණුදෙනුකරුවන් පිරිසකට වඩාත් සුව පහසු සේවාවක් ලබාදීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මතුගම ශාඛාව (නො. 98/3, අගලවත්ත පාර, මතුගම) හා අලුත්ගම ශාඛාව (නො. 415, ගාලු පාර, අලුත්ගම) යන නව පරිශ්‍රයන් හි පසුගියදා විවෘත කෙරුණි.

මතුගම හා අලුත්ගම නව පරිශ්‍රයන් හි ශාඛා විවෘතකිරීමේ උත්සව වලට එම සමාගමේ අනුප්‍රාප්තික ප්‍ර‍ධාන විධායක නිලධාරී, සබ්‍රි, ඊබ්‍රහිම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), දමිත් මලවිතන්තිල, ජ්‍යොෂ්ඨ කළමනාකරු ප්‍රියංකා විමලසේන යන මහත්ම මහත්මීහූ ඇතුළු ගණුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ මතුගම හා අලූත්ගම ශාඛා විවෘත කිරීමේ උත්සව අමතමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), දමිත් මලවිතන්තිල මහතා පැවසුවේ, ‘ජන හද හඳුනන ලීසිං’ යන තේමාවෙන් ව්‍යාපාරකරණයෙහි යෙදෙන අප සමාගමේ ශාඛා වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා. එහෙයින් අප සතු බොහෝ ශාඛා නව පරි‍ශ්‍රයන් හි නැවත විවෘත කෙරෙන්නේ වැඩි ඉඩකඩ හා පහසුකම් සැපයීමේ අරමුණෙන්. එහෙයින් මතුගම හා අලූත්ගම යන  නගර අවට ජනතාවට අප සමාගමේ පහසුකම් හා මහජන හිතකාමී මූල්‍ය සේවා අත්දැකීමට දැන් වැඩි අවස්ථාව සැලසෙනවා. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප්‍රකටයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනුමට මතුගම හා අලූත්ගම ප්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා.’ යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

PLC Aluthgama branch opening First transaction by CEO Mr. Sabree

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top