May 29, 2017

ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වොයිස් සේවාව

ඔබට කැමතිම තරු හා එක්වී ඔවුන් ගේ තොරතුරු එසැනින් ලබාගැනීමට ‘ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වොයිස් සේවාව’ මෙරටට හඳුන්වා දී තිබේ.

ලොව ටෙලිකොම් හා සමාජ ජාල විසඳුම් ලබාදෙන කිරුසා (Kirusa) සමාගම, ශ්‍රී ලංකාවේ zMessenger සමාගම හා මෙරට ජාතික ජංගම දුරකතන සේවා සපයන්නා වන මොබිටෙල් සමාගම එක්ව මෙම සේවාව ලබාදෙනු ලැබේ.

යුරේනි නොෂිකා, රයිනි චාරුකා, ළහිරු පෙරේරා, රොෂාන් රණවන වැනි යොවුන් තරු මෙම සේවාව හා එක්ව ඇති අතර, සිය හඬ පටිගත කර පණිවිඩයක් ලෙස ‘ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් වොයිස් සේවාව’ ඔස්සේ සිය රසිකරසිකාවියන් වෙත එවීමට මොවුන්ට හැකිවනු ඇත.

මෙම සේවාව ලබාගැනීමට තරුවගේ නම හා V අකුර යොදා (උදා : RoshanV ) 2468 වෙත යොමුකරන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top