Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
May 30, 2017

කොළඹ-මෙල්බර්න් අතර ඍජු ශ්‍රී ලංකන් ගුවන්ගමන්

මෙරට නිල ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් කොළඹ හා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අතර ඍජු ගුවන්ගමන් ඇරඹීමට නියමිත බව වාර්තා වේ.

මෙම සේවාව ඔක්තෝබර් 29දා සිට ඇරඹීමට නියමිත මෙම ඍජු ගුවන්ගමන් සඳහා එයාර්බස් 300-200 යානා යෙදවීමට නියමිතය.

මෙරට වේලාවෙන් පැය 23.50ට කොළඹින් පිටත්වීමට නියමිත මෙම යානය ඕස්ට්‍රේලියානු වේලාවෙන් පැය 15.25 ද මෙල්බර්න් නුවරට ළඟාවනු ඇති අතර, එරට වේලාවෙන් පැය 16.55 ට මෙල්බර්න් නුවරින් පිටත් වන යානය මෙරට වේලාවෙන් පැය 22.15 ට කොළඹට පැමිණීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී - සිවා රාමචන්ද්‍රන් මහතා පැවසුවේ සිංගප්පූරුව හා ක්වාලා ලම්පූර් වැනි ආසියානු සබඳතා මධ්‍යස්ථාන ඔස්සේ කොළඹ හා මෙල්බර්න් අතර ගමන්කරන ගුවන්ගමන් මගීන් ප්‍රමාණය කාලයක් පුරාවට වැඩිවෙමින් පවතින බවයි.

“වික්ටෝරියා ප්‍රාන්තයේ හා අවට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය සලකා බැලීමේදී ඍජු ගුවන් ගමන් සඳහා දිගු කාලයක් පුරාවට අවශ්‍යතාවයක් පැවති බව ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී - කපිතාන් සුරේන් රත්වත්ත මහතා ද පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top