Jun 01, 2017

වරාය නව සභාපති ආචාර්ය පරාක්‍රම

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස නාවික කටයුතු පිළිබද පෘථුල පළපුරුද්දක් හා විශේශඥ දැනුමකින් යුත් ප්‍ර‍වීණයෙකු වන ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා පත්කිරීමට වරාය හා නාවික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් මෙම නව පත්කිරීම සිදුකර ඇත්තේ, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පත්කළ ඔහුගේ සහෝදරයා වන ධම්මික රණතුංග මහතා වෙනුවටය.

එයිට්කන් ස්පෙන්ස් නාවික සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පරාක්‍රම දිසානායක මහතා කටයුතු කරයි.

එසේම ඔහු වරාය අධිකාරියේ හිටපු සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙකු වෙයි.

21

(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top