Jun 05, 2017

නැෂනල් PVC වෙතින් කල්මුණේටත් නව නියෝජිතයෙක්

සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම නැෂනල් PVC බෙදාහැරීම් ජාලය පුළුල් කරමින් කල්මුණේට නව නියෝජිතයෙකු පත් කර තිබේ.

එය නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ අතින් පසුගියදා විවෘත කෙරුණි. කල්මුණේ යුනයිටඩ් ටේ‍්‍රඩර්ස් ,අංක 121, අම්පාර පාර, සමන්තුරේ යන ලිපිනයෙහිය.

දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලූමට ඉක්මන් විසඳුම් සැපයීමේ අරමුණෙන් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම දියත් කළ බෙදාහැරීම් නියෝජිත ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ මෙම නව බෙදාහැරීමේ නියෝජිත ආයතනය කල්මුණේ නගරයේ විවෘත කෙරුණි.

එමගින් කල්මුණේ හා ඒ අවට ප‍්‍රදේශයේ පිහිටි හාඩ්වෙයාර් ආයතන, ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් හා නිවාස ඉදිකරන්නන්ට ප‍්‍රමිතියෙන් උසස් නැෂනල් PVC ජලනල හා උපාංග නොපමාව සැපයීමට සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමට හැකිවනු ඇත.

නැෂනල් PVC නිෂ්පාදන බලයලත් බෙදාහැරීමේ නියෝජිතවරයෙකු කල්මුණේ නගරයට පත්කිරීමේ උත්සවයට සහභාගී වූ සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධීකාරී මයුර රූපතුංග මහතා පැවසුවේ වර්තමානයේ බහුලව ඉදිකිරීම් සිදු කෙරෙන නැගෙනහිර පලාතේ පාරිභෝගිකයන් හා ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන්ට අවශ්‍යවන තත්ත්වයෙන් උසස් නැෂනල් PVC ජලනළ හා උපාංග නොපමාව සැපයීම අප සමාගමේ වගකීමක්. විශේෂයෙන්ම නැෂනල් PVC ජලනළ හා උපාංග කෙරෙහි පමණක්ම විශ්වාසය තබන පාරිභෝගිකයන්ට ඉක්මණින් හා අවම ප‍්‍රවාහන පිරිවැයකින් තම අවශ්‍යතා ලබාගැනීමට මෙම නව බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් හැකිවනු ඇත. එමෙන්ම කල්මුණේ ප‍්‍රදේශයේ කා අතරත් විශ්වාසය දිනූ ව්‍යාපාරිකයෙකු අපේ බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා ලෙසින් පත් කළා සේම ඉදිරියේදීත් තවත් බෙදාහැරීම් නියෝජිතයන් රැසක්ම පත්කිරීමට නියමිතයි යනුවෙනි.

ශී‍්‍ර ලංකාවේ PVC ජලනල නිෂ්පාදන සමාගම් අතර පළමුවරට PVC ජලනල සඳහා SLS 147 හා PVC උපාංග සඳහා SLS 659 ප‍්‍රමිති සහතික හිමි කරගත් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගම එයට අමතරව සොල්වන්ට් සිමෙන්ට්, වැහිපීලී, ඉලෙක්ටි‍්‍රකල් කන්ඩියුට්, PE ජලනල, PE වතුර ටැංකි, පැල්ලම් නොබැඳෙන වානේ ටැංකි, සෙප්ටික් ටැංකි, උද්‍යාන ජලනළ, නැෂනල් කොම්පැක්ට් බෝල් වෑල්ව් හා කි‍්‍රප්ටන් විදුලි ස්විච හා උපාංග නිපදවනු ලැබේ. සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටීස් සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට 30 වසරකට වැඩි කාලයක් දායකත්වය සැපයූ සමාගමකි.

Central Ind New Distributor for Kalmunai Pix 02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top