Jun 05, 2017

ඇට්ලස් ශ්‍රී ලංකාවේ ආදරණීයතම සන්නාමය ලෙස කිරුළු පළඳී

ශී‍්‍ර ලාංකේය කාර්යාල හා පාසල් ලිපිද්‍රව්‍ය වෙළෙඳපොලේ ප‍්‍රමුඛතම වෙළෙඳ නාමයවන 'ඇට්ලස්' ශී‍්‍ර ලංකාවේ වඩාත් ආදරණීයතම සන්නාමය ලෙසින් පසුගියදා කිරුළු පැළැන්දේය.

 

මෙරට සියලූ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන් හි දේශීය හා බහුජාතික ප‍්‍රකට සන්නාම සියල්ල අභිබවමින් ඇට්ලස් සන්නාමය මෙම සුවිශේෂී ඇගයීමට ලක්වූයේ 2017 වසරේ ශී‍්‍ර ලාංකේය සන්නාම අතුරෙන් වඩාත් ආදරණීයතම සන්නාමයන් විමසීමට Brand Finance ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල මත LMD ව්‍යාපාරික සගරාව 2017 අපේ‍්‍රල් මස ප‍්‍රකාශයට පත් කළ වාර්තාවට අනුවය.

මෙරට වෙළෙඳ සන්නාමයන් වෙත ශී‍්‍ර ලාංකිකයන් දක්වන ආදරණීය බව සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණය අදහස් දක්වන්නන් 1700ක් සම්බන්ධ කරගෙන 2016 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල පවත්වන ලද්දකි.

ඇට්ලස් සන්නාමය හිමි කරගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක් වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් හම්සා මහතා පැවසුවේ මෙසේය. ''ඇට්ලස් සන්නාමය මෙරට වඩාත් ආදරණීයතම සන්නාමය ලෙසින් කිරුළු පැළැඳීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිරහංකාර සතුටක්. මෙම විශේෂිත ජයග‍්‍රහණය අපට හිමි වූයේ දරුවන්. මව්වරුන් ඇතුළු සමස්ත ශී‍්‍ර ලාංකිකයන් තමා දෛනිකව භාවිතා කරන ලිපිද්‍රව්‍ය ලෙසින් ඇට්ලස් නිෂ්පාදන තෝරාගැනීම සේම ව්‍යාපාරික මහතුන් අප නිෂ්පාදන කෙරෙහි දක්වන විශ්වාසය හා සහයෝගයෙහි සාමූහික ප‍්‍රතිඵලයක් ලෙසයි. එමෙන්ම මෙරට වඩාත් ආදරණීයතම සන්නාම අතුරෙන් අංක එකට ඇට්ලස් මෙරට ජනතාව විසින් තෝරාගැනීම වඩ වඩාත් විශිෂ්ට නිෂ්පාදන මෙරට වෙළෙඳපොලට තිළිණකිරීමට අප සමාගම ලද ශක්තියක් ''

නිර්මාණාත්මක මෝස්තර හා ප‍්‍රමිතියෙන් උසස්බව ස්ථාවරව වර්ධනය කරගත් 'ඇට්ලස්' ශී‍්‍ර ලංකාවේ zවඩාත් ආදරණීයතමZ සන්නාමයන් විමසීමේ සමීක්ෂණයේදී වේගයෙන් ඉදිරියට පැමිණි සන්නාමයක වීම විශේෂත්වයකි. එනම් වසර 2015 දී මෙරට වඩාත් ආදරණීයතම සන්නාම දර්ශකයෙහි 21වන ස්ථානයද වසර 2016දී එහි 4වන ස්ථානයටද පත්විය. වසර 2017දී ඇට්ලස් මෙරට වඩාත් ආදරණීයතම සන්නාමය බවට පත්විය. එම දර්ශකයෙහි පළමු සන්නාම 50 අතරේ සිටින එකම ලිපිද්‍රව්‍ය සන්නාමය වන්නේ ද ඇට්ලස්ය.

60 වසරකට පමණ පෙර පැන්සලක් නිපදවමින් ආරම්භ වූ ඇට්ලස් වර්තමානය වනවිට අභ්‍යාස පොත්,පෑන් ඇතුළු සියලූම පාසල් හා කාර්යාල උපකරණ ආවරණයවන නිෂ්පාදන 350කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන අතර මනා කි‍්‍රයාකාරීත්වය තුළින් භාවිතයේදී ඉහළම තෘප්තිය ලැබෙන අයුරෙන් එම සියලූ නිෂ්පාදන මනාව නිර්මාණය කර ඇත.

සාර්ථක ජීවිතයක් සඳහා වූ අත්‍යාවශ්‍ය මෙන්ම විනෝදය ගෙනෙන නිෂ්පාදන සපයමින් නිර්මාණශීලීත්වය හා නව්‍යකරණයට භාවිතා කරන්නන් දිරිගැන්වීම ඇට්ලස් සන්නාමය තුළින් සිදුවන බව සහතික කිරීමට කැපවූ වෘත්තිකයන් පිරිසක් එම සමාගමේ සිටීමද විශේෂත්වයකි.

දශක හයකට ආසන්න කාලයක් පුරා නවීන තාක්ෂණය හා මුසුව ඉහළ ගුණත්වයෙන් හා නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන බිහිකරමින්" ඉගෙනීමේ අත්දැකීම් පුළුල්කිරීමට ඇට්ලස් කැපවී සිටී. දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොලටද ගමන් කළ කීර්තිමත් සන්නාමයක් ලෙස ඇට්ලස් හි සාර්ථකත්වයෙහි රහස වූයේ  පාරිභෝගික අවශ්‍යතාව ප‍්‍රමුඛ කරගත් ක‍්‍රමවේදයක් තුළින් පාරිභෝගික අවශ්‍යතාව මනාව හඳුනාගැනීමය.

'ඇට්ලස්' නාමය සැබැවින්ම ලොව පිළිගත් සන්නාමයක් කරා ගෙනයෑමේ අඩිතාලමක් ලෙස මෙම ජයග‍්‍රහණය ඇට්ලස් සමාගම සලකනු ලබයි.  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top