Jun 07, 2017

හුවාවෙයි - සිංගර් හවුලට පස්වසරයි!

දිවයිනේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක සිටින සිංගර් ශ්‍රී ලංකා සමාගම, ජංගම දුරකථන ක්ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කල හුවාවෙයි (Huawei) සමාගම හා ඇති කර ගත් ව්‍යාපාරික සබඳතා වලට පස්වසරක් පිරී තිබේ.

2012 වසරේදී ඇරඹුණු මෙම හවුල් ව්‍යාපාරය, මේ වන විට ශ්‍රී ලංකාවේ දුරකථන ක්ෂේත්‍රයේ හුවාවෙයි (Huawei) සන්නාමය ඉහළම ස්ථානයක පිහිටුවීම සදහා කටයුතු කර ඇත.

පසුගියදා පැවති මෙම සුහද සංවත්සරය වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන අලෙවි විධායක අශෝක පීරිස් මහතා අදහස් දැක්වූයේ මෙසේය. “හුවාවෙයි (Huawei) සමාගම සමඟ පස් වසරක් ඉතා සාර්ථක ලෙස කටයුතු කිරීමට ලැබීම හා සාර්ථක වීම පිළිබඳ අප බොහෝ සතුටු වන අතර ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන විකුණුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථානය ලැබීම පිළිබඳ හා හුවාවෙයි (Huawei) සන්නාමය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ලැබීම අප ඉතා අගය කොට සලකනවා.”

එමෙන්ම හුවාවෙයි (Huawei) සමාගමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානියා වන හෙන්රි ලියු මහතා (Henry Liu) මෙලෙස අදහස් දක්වා තිබේ. “ අපගේ ප්‍රධාන නියෝජිතයා වශයෙන් ශ්‍රී ලාංකික හදවත් තුළ නොමැකෙන නාමයක් බවට හුවාවෙයි (Huawei) දුරකථන පත්කිරීම සම්බන්ධයෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමට අප ස්තූතිවන්ත වනවා, එමෙන්ම මෙම නියෝජිතත්වය මගින් අපට ශ්‍රී ලංකාවේ මෙන්ම සීඝ්‍රයෙන් දියුණු වන ලොව ප්‍රධාන ජංගම දුරකථන විකුණුම් ක්ෂේත්‍රයට පිවිසීමටත් අවස්ථාව ලැබුණු බව දැනුම් දෙන්නේ ගොඩක් සතුටෙන්.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top