Jun 12, 2017

ගැමා ෆාර්මසූටිකල්ස්, ඉන්ටර්ෆාර්ම් නව ගමනක් අරඹයි

මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පිටුවක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමුවරට දේශීයව නිෂ්පාදිත බටහිර ඖෂධ අපනයනයකිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගම්වන ගැමා ෆාර්මසූටිකල්ස් හා ඉන්ටර්ෆාර්ම් සමාගම පසුගියදා සමත් විය.

ඔවුන්ගේ පළමු විදේශීය ගැණුම්කරුවා වූයේ මාලදිවයිනේ විශාලතම ඔසුසල් දාමය හිමි ‘පොයින්ට් ට්‍රේඩින්ග් සමාගම’ (Point Trading Company) ය. මෙම අවස්ථාවට ගැමා/ඉන්ටර්ෆාර්ම් සමාගම්වල සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා හා ‘පොයින්ට් ට්‍රේඩින්ග් සමාගම’ ප්‍රධාන විධායක නිලධාරී, හම්සා කාසිම් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

‍ශ්‍රී ලාංකේය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පළමු විදේශීය වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඉන්ටර්ෆාර්ම් සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, කළණ හේවාමල්ලිකා මහතා අදහස් දක්වමින් පැවසුවේ, ‘මෙම අවස්ථාව මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙන්ම අපේ සමාගමටත් සුවිශේෂී සංධිස්ථානයක්. මෙරට රජයේ රෝහල්වල ඖෂධ අවශ්‍යතාව සපුරාලන සමාගමක ලෙසින් අප දිනෙන් දිනම අපේ ඖෂධවල ගුණාත්මකබව ඉහළ දැමුවා. ගැමා හා ඉන්ටර්ෆාර්ම් සමාගම්වලට මෙසේ විදේශීය ඖෂධ වෙළෙඳපොලට එක්වීමට හැකිවූයේ අපේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය හේතුවෙනුයි. අනෙක් පැත්තෙන් මෙම උත්සාහය අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් හිමිවන්නක් වීමද විශේෂත්වයක්. 1992 මැයි සත්වන දින මගේ දිවංගත පියාවන ගාමිණි හේවාමල්ලිකා මහතා ඇරඹූ ඉන්ටර්ෆාර්ම් හා ගැමා ෆාර්මසූටිකල්ස් සමාගම මේ වන විට ජාත්‍යන්තර ‍ප්‍රමිතියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් දක්වා පැමිණියේ දුරගමනක්. එය ඇරඹුණේ ඇමෙරිකාවේ බහුජාතික ඖෂධ සමාගමකවන වෝනර් ලැම්බර්ට් ඇන්ඞ් පාර්කේ ඬේවිස් සමාගමේ බලයලත් සමාගම වූ වෝනර් ලැම්බර්ට් ලංකා සමාගම මිලදීගැනීමෙන් හා ඖෂධ එම වෙළඳනාම යටතේ නිපදවීමෙනුයි. ඖෂධ අපනයනයට එක්වූ පළමු ශ්‍රී ලාංකේය සමාගම බවට පත්වීමට සමගාමීව ඉන්ටර්ෆාර්ම් සමාගම තවත් දැවැන්ත සමාජ සත්කාරයකටත් දායකවීමට ලැබීමත් සතුටක්. ඒ හෘද අක්‍රමිකතා සමග උපදින දරුවන්ට ප්‍රතිකාරකිරීමේ නවීන පහසුකම් සහිත තට්ටු 10කින් සමන්විත රෝහලක් ඉදිකිරීමට දියත් කළ ‘Little Heart’ වැඩසටහන එක්වීමයි. එම ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය සපයන ශ්‍රී ලංකාවේ එකම ඖෂධ සමාගම වන්නේ අප ඉන්ටර්ෆාර්ම් සමාගමයි. අප සමාගම අලෙවි කරන සෑම ඖෂධයකම ලාභයෙන් කොටසක් වසර 5ක් තරම් දිගු කාලයක් එම ව්‍යාපෘතියට බැරකිරීමට නියමිතයි. එහෙයින් අප සමාගමේ ඖෂධ මිලදීගන්නා පාරිභෝගිකයනුත් නොදැනුවත්ව හෝ මෙම උතුම් සද්කාර්යයට එක්වීම විශේෂත්වයක්. මෙරට අනාගත පරපුරේ නිරෝගීබව වෙනුවෙන් එළෙසින් කැපවීමට ලැබීම අප සමාගම ලත් අමිල ජයග්‍රහණයක්.’ යන්නය.

1992දී සේවකයන් 42කින් ඇරඹූ ගැමා ෆාර්මසූටිකල්ස් සමාගම මෙම ‍ප්‍රබල වර්ධනය හිමි කරගැනීමට ජගත් සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ශ්‍රී ලංකා ඖෂධ අධිකාරියේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ඖෂධ කර්මාන්තයේ නව ප්‍රවණතාවලට අනුගතවෙමින් ස්වයංක්‍රීය දියර ඖෂධ හා කරල් පිරවීමේ යන්ත්‍ර, ගිළින පෙති හා ඖෂධ ආවරණ යන්ත්‍ර වැනි අතිනූතන යන්ත්‍රසූත්‍ර භාවිතාවෙන් උසස් ඖෂධ ප්‍රමිතිය පවත්වාගැනීම හා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණුකිරීම සිදු කෙරුණි. එයට අමතරව සමාජ සත්කාරක කාර්යයක් ලෙසින් කර්මාන්තශාලවෙන් බැහැරවන ජලය ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් පවිත්‍රකිරීමෙන් පරිසරය සුරැකීමේ සහතික දිනාගැනීමට සමත් විය. එමෙන්ම පසුගිය දෙවසරේදී මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඹෟෂධ සැපයුම්කරුවන රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ‘විශිෂ්ටතම සැපයුම්කරු’ සම්මානය හිමි කරගැනීමට සමත් වූයේ ඉන්ටර්ෆාර්ම් සමාගමය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top