Jun 14, 2017

ඉන්දීය නගරවලට ශ්‍රී ලංකන් ගුවන්ගමන් වැඩි වේ

මෙරට නිල ගුවන්සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉන්දියාවේ තවත් නගර තුනකට සිය සේවාවන් ව්‍යාප්ත කර තිබේ.

හයිදරාබාද්, විශාකාපට්නම් හා කොයිම්බතෝර් යන නගර වලට ලබන මාසයේ සිට මෙලෙස ශ්‍රී ලංකන් ගුවන්සේවා ව්‍යාප්ත වනු ඇත.

මෙම නගර ත්‍රත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්සේවය මෙහෙයුම් සිදුකරන ඉන්දීය නගර ගණන 14ක් දක්වා වැඩිවී තිබේ.

හයිදරාබාද්, විශාකාපට්නම් හා කොයිම්බතෝර් නගරවලට ගුවන් ගමන් ජූලි 08, 12 හා 16 දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top