Jun 20, 2017

ඇකිලියොන් ට ජගත් කීර්තියක්

කොළඹ පළමු තරු හතේ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ලෙස සැලකෙන බ්ලූ මවුන්ටන් සමාගමේ ඇකිලියොන් ව්‍යාපෘතියට ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගෙන තිබේ.

ඒ, පසුගියදා පැවති Asia Pacific Property Awards 2016-2017 සම්මාන උළෙලේදී ය.

එහිදී ආසියා ශාන්තිකර කලාපයේ විශිෂ්ටතම මහල් නිවාස (apartments) අතරට එක්වීමට ඇකිලියොන් ව්‍යාපෘතිය සමත් වී තිබේ.

මෙම කලාපයේ අනෙකුත් විශිෂ්ටතම මහල් නිවාස ලෙස නම්වී ඇත්තේ ෂැංහායි නුවර පිහිටි Bulgari Hotel and Residences හා මුම්බායි නුවර HBS Towers ය.

මේ අනුව, මෙම නොවැම්බරයේදී පැවැත්වෙන World Property Awards 2016-2017 සම්මාන උළෙලේදී හොඳම මහල් නිවාස (apartment) සඳහා වූ සම්මානය සඳහා තරග කිරීමට බ්ලූ මවුන්ටන් සමාගමේ ඇකිලියොන් ව්‍යාපෘතිය අවස්ථාව හිමිකරගෙන තිබේ.

Blue Mountain 02

Blue Mountain 03

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top