Jun 22, 2017

බ්ලූ මවුන්ටන් ‘Sovrano’ යතුරු බාරදෙයි

මෙරට ප්‍රමුඛතම දේපල වෙළඳාම් ආයතනයක් වන බ්ලූ මවුන්ටන් සමාගමට අයත් "Sovrano" මහල් නිවාස (Apartments) සංකීර්ණයේ යතුරුභාර දීම පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ දී පැවැත්වුණි.

නව නිවාස හිමියන්, සමාගම් ප්‍රධාන පාර්ශවකරුවන් ඇතුලු 150ට අධික ආරාධිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර, දැරිය හැකි මිලකට සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් තිළිණ කිරීම මෙම නිවාස ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම අවස්ථාවට සහභාගී වූ බ්ලූ මවුන්ටන් සමූහයේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි පවසා සිටියේ මෙසේය :

”මේ උත්සව අවස්ථාවේදී Sovrano හි නිවාස හිමියන් වෙත, තම නිවෙස්වල අයිතිය භාරදීමට හැකිවීම පිළිබදව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ ඉහළම තත්තවයේ ප්‍රමිතිය පෙරදැරිව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරලීම තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙත ඉහළ වෘත්තීය ප්‍රමිතීන් පිරිනැමීම වෙනුවෙන් වන කැපවීම අපි නැවත වතාවක් ප්‍රදර්ශනය කර තියෙනවා . Sovrano කියන්නේ සිහින ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතියේ ඇති ආකර්ෂණිය වීශේෂාංග ගැන වගේම නගරයේ වැදගත් ස්ථාන වෙත ඇති එහි සමීපතාව පිළිබදව පදිංචිකරුවන් අතිශයින්ම ප්‍රීතියට පත්වේවි කියලා අපි විශ්වාස කරන්වා. ඒ වගේම තම නව නිවස තුළ සතුටුදායක ස්මරණයන් දිග හැරේවා කියලා මම ඔවුන්ට සුභ පතනවා.”

පහසු හා මධ්‍යගත පිහිටීමක, තමන්ට දැරිය හැකි මට්ටමේ සුඛෝපභෝගීත්වයක් නිවාස හිමියන්ට පිරීනැමීමේ අරමුණින් Sovrano මහල් නිවාස සංකීර්ණය නිර්මාණය කර ඇත. අලංකාර ලෙස නිර්මාණය කළ, කාමර දෙකෙහි සහ තුනෙහි මහල් නිවාස ඒකක 41ක්, ගොඩනැගිල්ල මුදුනත විවෘත අංගනයක්, අංග සම්පුර්ණ කාය වර්ධනාගාරයක්, පිහිනුම් තටාකයක්, බහු කාර්ය ප්‍රදේශයක් හා ආරක්ෂිත වාහන නතර කිරීමේ පහසුකම් ඇතුලත් ඉඩකඩ සහිත පොදු ස්ථානවලින් එය සමන්විතය.

සෑම මහල් නිවාස ඒකකයකම නවීන මුඵතැන්ගෙයක් ඇතුළු තමන්ගේම ඉඩකඩ සහිත සැලැස්මකින් යුක්ත වන අතර එය වෙනම සේවා ප්‍රදේශයක මෙන්ම අලංකාර ලෙස ඒකාබද්ධ වු කුඩා කාමරයක් දක්වා විවෘතව පවතී. මෙම නවීනතම මහල් නිවාස සංකීර්ණය කොහුවල මංසන්දීයේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇත.

කදිම නේවාසික පිහිටීමක් වන එය ප්‍රධාන පෙළේ සුපිරි වෙළදසැල්, පාසල් හා රෝහල් වලට ඉතා සමීපව පිහිටා තිබේ.මේ අතර පෞද්ගලික මාර්ග ප්‍රවේශය,වඩාත් මධ්‍යගත පිහිටීමක් තුළ සාමකාමී හා පෞද්ගලිකවූත් වටපිටාවක් නිවෙස් හිමියන් වෙත සහතික කර ඇත.

වීඩියෝ

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top