Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 23, 2017

අයිඩියල් විෂන් ඔටෝ ඇන්ඞ් ලයිෆ් ස්ටයිල් ෂෝ 2017

වසර 2017 දී සුවිශේෂී ව්‍යාපාරිකා වෙනස්කම් කිහිපයක් ම සිදුකළ ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ‍ශ්‍රී ලංකාවේ අයිඩියල් සමුහ ව්‍යාපාරය ලබන මාසයේදී ද එවැනිම වෙනසකට සූදානම් වන බව වාර්තා වේ.

ඒ, ජූලි මස 15-16 දෙදින නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අයිඩියල් විෂන් ඔටෝ ඇන්ඞ් ලයිෆ් ස්ටයිල් ෂෝ 2017 ප්‍රදර්ශණය සමගිනි.

මෙම ප්‍රදර්ශණයේදී මහින්ද්‍රා ව්‍යාපාරයේ නවතම වාහන හතක් එළිදක්වන බව ද සමාගම නිවේදනය කර සිටියි. මීට අමතරව ආහාර, ඇඳුම් පැළැඳුම් කුටි දරුවන්ට විනෝදවීමට සහ ක්‍රී‍ඩා කිරීමට අවස්ථා ආදී විනෝදාස්වාද අවස්ථා රැසකින් ද ප්‍රදර්ශනය සමන්විත වේ.

මෙම ප්‍රදර්ශණය පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරුණු අතර, අයිඩියල් සමූහයේ නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම මහතා මෙහිදී අදහස් පළ කර සිටියේ මෙසේය :

”සෑම වසරකදීම, වසර පුරා මෝටර් රථ ප්‍රදර්ශන පැවැත්වෙන මුත්, අයිඩියල් සමූහයටම අයත් වාහන පමණක් ප්‍රදර්ශනය වන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරටයි. ඒ වගේම පළමු වතාවට මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා නිවසින් ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහනයක් හඳුන්වා දෙනවා. එය සිදුවන්නේත් ප්‍රථම වරටයි. ගෝලීය ව්‍යාපාරයක් වන මහින්ද්‍ර සමූහය සතුව, රෝද දෙකේ වාහන, ත්‍රීරෝද රථ, සැහැල්ලු ට්‍රක් රථ, විශාල ප්‍රමාණයේ ට්‍රක් රථ සහ බස් රථ, ඉදිකිරීම් උපකරණ, විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරන වාහන (SUV), සුඛෝපභෝගී සහ ක්‍රීඩා පන්නයේ වාහන (SUV) වගේම විද්‍යුත් වාහන රැසක් ද ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. අපි ඉදිරියේදී නවතම මාදිලිවල දැනට ලෝකයේ නැඹුරුවක් තියෙන විද්‍යුත් වාහන රැසක් ද එළිදක්වනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top