Jun 26, 2017

ෆැඩ්නා කරවිල තේ වෙළඳපොළේ

 දියවැඩියාව පාලනය කිරීම සඳහා අනාදිමත් කලක් සිටන් මහඟු ඔසුවක් ලෙස භාවිතා කළ ස්වාභාවික කරවිල සාරයෙන් නිපදවන ෆැඩ්නා කරවිල තේ දැන් වෙළඳපොළට නිකුත් කර තිබේ.

ස්වාභාවික කරවිල ඇටවල ඇති පිළිකා නැසීමේ හැකියාව පිළිබඳව මෑත කාලීනව කතා බහට ලක්වූ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඒ බව විකිත්සකවද ඔප්පු කර තිබේ. එවන් මහඟු ඖෂධීය ගුණ දෙන බෙහෙත් කරවිල නමින් ප්‍රකට දේශීය කරවිල සහ කරවිල ඇට සමඟ ග්‍රීන් ටී ෆැඩ්නා කරවිල තේ තුළ අන්තර්ගත වේ.

රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව පාලනය කර වකුගඩු හා අක්මාවට අතුරු ආබාධ නොමැතිව නිරෝගී ජීවිතයක් ලබාදෙන බවට වෛද්‍ය විද්‍යාත්මකවද තහවුරු කර ඇති ෆැඩ්නා කරවිල තේ නවීන තාක්ෂණයට අනුව තේ බෑග් ලෙස නිපදවයි.

ෆැඩ්නා කරවිල තේ ස්වාභාවික යහගුණ ලබාදෙන තේ පානයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද ලියාපදිංචි කර ඇති අතර දිවයින පුරා පිහිටි ෆාමසි, ආයුර්වේද ඔසු සැල්වලින් සහ සුපිරි වෙළෙඳසැල් වලින් ෆැඩ්නා කරවිල තේ මිලදී ගත හැක.

ෆැඩ්නා කරවිල තේ නිපදවා බෙදාහරිනු ලබන්නේ ස්වාභාවික යහගුණ නවීණ තාක්ෂණයට අනුව නිපදවා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල් රැසක පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගත් නිෂ්පාදන රැසක් එලි දැක්වූ සීමාසහිත ෆුඩ් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගමයි.

(දිනමිණ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top