Jul 06, 2017

පීපල්ස් ලීසිං කිරිල්ලියෝ සංගීත රාත්‍රිය 29 දා

පීපල්ස් ලීසිං ක්‍රීඩා හා සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ‘කිරිල්ලියෝ’ සංගීත ප්‍රසංගය ජූලි 29 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

 
එම සංගීත ප්‍රසංගයට නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරී, උමාරියා සිංහවංශ, රයිනි ගුණතිලක ඇතුළු ගායක ගයිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය. 

පීපල්ස් ලීසිං සමාගමේ ක්‍රීඩා හා සුභසාධක සංගමයට ආධාර පිණිස මෙය සංවිධානය කෙරේ.
 

සුරේෂ් මාලියැද්ද සංගීතවත් කරන ‘කිරිල්ලියෝ’ මෙම ප්‍රසංගයේ කථනය කැළුම් ශ්‍රීමාල්ගෙනි.

පීපල්ස් ලීසිං සමාගමේ සේවකයන් අතර සුහදතාව, අන්තර් ක්‍රියාකාරීත්වය, බුද්ධිමය හා සංස්කෘතික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම ප්‍රමුඛ අරමුණ කරගනිමින් එම සමාගම ක්‍රීඩා හා සුභසාධක සංගමය ආරම්භ කර ඇත.

සමාගමේ ක්‍රීඩා හා සුභසාධක සංගමය විවිධ වැඩසටහන් මගින් රැස් කරගන්නා අරමුදල් සමාජ හා සේවක සුභසිද්ධිය සඳහා යොදා ගැනේ. ඒ අතර  ගංවතුරින් විපතට පත්වීම වැනි ආපදාවන්ට සහන සැළසීම, ලේ දන්දීම්, අවශ්‍ය වූවන්ට නිවාස තනාදීම, වෛද්‍ය ආධාර හා මූල්‍යමය සහයෝගය ලබාදීම ආදිය ද වේ.

PLC Kirilliyo pix 02

PLC Kirilliyo First ticket sale

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top