Jul 06, 2017

සිංගර් එපික් 4K අල්ට්‍රා ස්මාර්ට් TV පෙලක්

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් විසින් තවත් නවීනතම නිෂ්පාදනයක් සිය නිෂ්පාදන අතරට එක් කරමින් Singer Epic 4K Ultra HDSmartTVපෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.

නවතම Singer Epic 4K Ultra HDSmartTVපෙළ අසමසම මිලකට, වසර 3ක වගකීමක් සහිතව සහ අලෙවියෙන් පසු සිංගර් සේවා පහසුකම් ද සමඟ ප්‍රේක්ෂකයින් වෙත නව්‍ය අත්දැකීමක් තිළිණ කරණ බව සිංගර් කියා සිටී.

Singer Epic 4K Ultra HDSmartTV විශාලත්වය අතින් 49”, 55”, 60”, 65”, 75” යන ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිය.

HDR මඟින් වර්ණ සංයෝජනයේ අපූර්වත්වය මැනවින් අත්විඳිය හැකි මෙම රූපවාහිනිය මඟින් අති පැහැදිලි රූප නැරඹීමේ අවස්ථාව හිමිව ඇත.

මෙම නවතම රූපවාහිනී මාදිලිය මඟින් ගෘහස්ථ සිනමා (හෝම් තියටර් )අත්දැකීම විඳගත හැකිවන අතර ඒ සඳහා උසස් තත්වයේ Dolby Digital ශබ්ද පද්ධතියකින් මෙම රූපවාහිනිය සමන්විත වෙයි.

නවතම Singer Epic 4K Smart රූපවාහිනී රුපියල් 125,000/=සිට මිළදී ගත හැක.

දිවයින පුරා පිහිටි සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සහ සිසිල් වර්ල්ඩ් ස්ටෝර්ස් හිදී මෙම Singer Epic 4K Smart රූපවාහිනිය මිලදී ගැනීමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව දිවයින පුරා පිහිටි 420කට අධික සිංගර් අලෙවිසැල් වෙතින් ද මෙම රූපවාහිනිය මිලදී ගත හැක. විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ලෙස මෙම Singer Epic රූපවාහිනියක් මිලදී ගැනීමේදී ඩයලොග් හා එක්ව බ්‍රොඩ්බෑන්ඩ් සබඳතාවක් නොමිලේ පිරිනැමෙයි.

සිංගර් සතු දිවයින පුරා විහිදුන 420 කට අධික අලෙවි සැල් ජාලය සහ අලෙවියෙන් පසු සේවා ජාලය පාරිභෝගිකයින්ගේ කටයුතු වඩාත් පහසු කරවයි. මිලියන ගණනක් වූ සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිතය සමඟ සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරලීමට උර දෙන සිංගර් ශ්‍රී ලංකා අධ්‍යාපන, ක්‍රීඩා, සෞඛ්‍ය ආරක්ෂාව සහ පරිසර ආරක්ෂණය වැනි සමාජයීය ක්‍රියාකාරකම් රැසකින්ද මෙරට ජන ජීවිතය හා සම්බන්ධ වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top