Nov 14, 2016

Huggies Star සමග යහගුණ පිරි සුරක්ෂිත අනාගතයකට

රටේ අනාගතය වූ දරුවන්ගේ ලෝකය සුන්දර කිරීම සදහා යහ ගුණ දම් රැසක්  ළමා ලොවට තිළිණ කිරීමේ අරමුණින් Huggies වෙතින්  නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි.

මේ යටතේ වත්මන් සමාජයෙන් ඈත් වෙමින් යන ළමුන් සහ දෙමව්පියන් අතර වන සබඳතාව තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂිතයි. වත්මන් කාර්යබහුල ලෝකය තුළ යාන්ත්‍රික දෙමව්පියන්ට තම දරුවන් වෙත අවධානය යොමු කිරීමට තරම් වත් කාලයක් නොමැති බව සාමාන්‍ය පිළිගැනීමයි.

මෙම යථාර්ථය මැනවින් අවබෝධ කරගෙන ඇති  Huggies විසින් දෙමව්පියන් සහ ළඳරුවන් අතර වන ආදරය සෙනෙහස හා බැඳීම්  වර්ධනය කිරීමේ අරමුණින් නව සංකල්ප සමාජගත කිරීමේ ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන සඳහා  දරුවන් තෝරාගැනීම සඳහා ඡායාරූප කැඳවීම ෆේස්බුක් ඔස්සේ දියත් කෙරුණු අතර  ඒ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවිය. ඔක්තෝම්බර් 1 වනදාට යෙදුනු ලෝක ළමා දිනය දා  මේ සඳහා ඡායාරූප කැඳවීම ඇරඹුනු අතර  එය පසුගිය ඔක්තෝබර් 19 වනදායින් අවසන් විය. එම දින 19 තුළ මේ සඳහා දරුවන්ගේ ඡායාරූප 1500 කට අධික ප්‍රමාණයක්  ලැබී තිබුණි.

මෙම ප්‍රචාරණ වැඩසටහන සඳහා දරුවන් තෝරාගැනීමට මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ගේ ඡායාරූප  Huggies ෆේස්බුක් පිටුව වෙත යොමුකරන ලෙස   දෙමව්පියන්ට ඇරයුම් කළ අතර  එලෙස ලැබුණු ඡායාරූප අතුරින් 250 දෙනෙකු පමණ  දෙවන වටය  සඳහා තෝරාගෙන තිබේ.  කිසිදු රූපවාහිනී හෝ මුද්‍රිත මාධ්‍ය භාවිතාවකින් තොරව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පමණක් ක්‍රියාත්මක වූ දරුවන් සඳහා වන  වැඩපිළිවෙළක් අතිශය සාර්ථකත්වයට පත්වූ ආසියාවේ පළමු අවස්ථාව වන්නේද මෙයයි.

පළමු වටයේ ඡායාරූප අතුරින් දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් 250 දෙනා සඳහා වන තිර පරීක්ෂණ ඔක්තෝබර් 29 වනදා කොළඹ කිංස්බරි හෝටලයේදී  ප්‍රවින  රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම තිර පරීක්ෂණය  අන්තර්ජතික ප්‍රමිතීන්ට අනකූලව පැවැත්වීම ද විශේෂත්වයකි.  මාස 6  ළදරුවන්ගේ සිට අවුරුදු 3 දක්වා වූ දරුවන් මීට සහභාගි වූ අතර එම දරුවන් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් මැග්නස් සමාගම විසින් සලසා තිබිණ.

මෙම තිර පරීක්ෂණයෙන් තෝරාගන්නා දරුවන් Huggies විසින්  දියත් කිරීමට යෝජිත  දෙමව්පියන් සහ ළඳරුවන් අතර වන ආදරය සෙනෙහස හා බැඳීම්  වර්ධනය කිරීමේ  සමාජමය ක්‍රියාන්විතය සඳහා දායක කරගන්නා අතර ජයග්‍රාහී දරුවන් තිදෙනා වෙත  Huggies හි සන්නාම තානාපති ධුර පිරිනැමීමට ද නියමිතය.

HuggiesStar

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top