Nov 14, 2016

2017 යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනවාරියේදී

උතුරු ප්‍රදේශයේ ජනතාව, ව්‍යාපාරිකයින්, වෙළඳ ප්‍රජාව හා ව්‍යවසායකයින් විසින් සහභාගී විය යුතුම අවස්ථාවක් ලෙස සලකන යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය (ජැෆ්නා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ෆෙයාර් - 2017 ‍| JITF 2017) ,ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

08 වැනි වරට පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනය ජනවාරි 27 - 29 දක්වා යාපනයේ නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

විවිධ භාණ්ඩ හා සේවා රාශියක් ආවරණය කරමින් වෙළඳ කුටි 300කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය වන මෙම අවස්ථාවේදී විශේෂ වට්ටම්, වැඩමුළු හා සංගීත සංදර්ශනද අත්විඳිය හැකිය.

ඉදිකිරීම්, ඇඟලුම්, සත්කාරක සේවා, ආහාරපාන නිෂ්පාදන හා ඇසුරුම්කරණ, රථවාහන, තොරතුරු තාක්ෂණ, මුල්‍යමය සේවා, කෘෂිකාර්මික සහ පාරිභෝජක භාණ්ඩ ආදී නොයෙකුත් කර්මාන්ත නියෝජනය කරමින් ‘JITF 2017’ සඳහා ප්‍රදර්ශකයින් සහභාගී වනු ඇත.

මෙම අවස්ථාවට 75 දෙනෙකුගෙන් සමන්විත වන ඉන්දීය දූත පිරිසක්ද සහභාගී වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top