Jul 21, 2017

රීබොන් Face Wash අළුත් වෙයි

මෙරට ප්‍රමුඛතම ශාකසාර රූපාලංකරණ නිෂ්පාදන සමාගමක් වන රීබොන් කොස්මෙටික්ස් සමාගම ඖෂධීය ගුණයෙන් සපිරි හා වැඩිදියුණු කළ ෆේෂ් වොෂ් (Face Wash) නව ඇසුරමකින් දැන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දී තිබේ.

ස්වභාවික කොළ ඇපල් සාරය සහිත Green Apple Face Wash, කෝමාරිකා සාරය සහිත Aloe Vera Face Wash, පැපොල් සාරය සහිත Papaya Face Wash හා කැරට් සාරය සහිත Carrot Face Wash පහසුවෙන් භාවිතා කළ හැකි නව ඇසුරමකින් යුත් Face Wash පෙළට අයත් වේ.

ස්වභාවික ශාකසාර පමණක් තම රූපාලංකරණ නිෂ්පාදන සඳහා උපයෝගී කරගන්නා රීබොන් කොස්මැටික්ස් සමාගමේ නව Face Wash පෙළෙහි විටමින් E හා ස්වභාවික කොළ ඇපල් සාරය සහිත Green Apple Face Wash මුහුණෙහි කුණු දූවිලි හා අංගරචනා ආදිය ඉවත් කර සමට පෝෂණය හා ස්වභාවික තෙතමනය සපයන්නකි. වියලි සමට වඩාත් සුදුසු ස්වභාවික කෝමාරිකා සාරය සහිත Aloe Vera Face Wash සම පිරිසිදු කර අවශ්ය තෙතමනය මනාව සපයන්නකි.

තවද සියලූ සමට ගැලපෙන කැරට් සාරය සහිත Carrot Face Wash කැරට්වල ස්වභාවයෙන් අන්තර්ගත විටමින් A උපයෝගී කරගනිමින් අකළට සිදුවන රැළි වැටීම් වලකා සමෙහි තෙතමනය හා තෙල් මට්ටම පාලනය කරනු ඇත.

එමෙන්ම සමෙහි තරුණ පෙනුම රැකදෙන ස්වභාවික පැපොල් සාරය සහිත Papaya Face Wash දිනපතා පාවිච්චි කිරීමෙන් සමෙහි ළප කැළල් හා අවපැහැගැන්වීම දුරු කෙරේ.  

වැඩිදියුණු කළ නවඇසුරුමකින් යුත් ReeBonn නව Face Wash පෙළ මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීම සම්බන්ධයෙන් රීබොන් කොස්මෙටික්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ - එස්. සිවරාජා මහතා පැවසුවේ “අප සමාගමේ නිෂ්පාදනවල ප්රමිතිය හා ගුණාත්මකබව වර්ධනය කිරීමේ පර්යේෂණ නිරන්තරයෙන් සිදුවන්නක්. මෙම වැඩිදියුණු කළ Face Wash පෙළ හඳුන්වාදුන්නේ අප සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සිදු කළ අත්හදාබැලීම්වල ප්‍රතිපලයක් ලෙසින්. එමෙන්ම මෙයට පෙර එම Face Wash පෙළ ඇසුරුම් කළ බියුබයට වඩා පිරිමැසුම්දායක බෝතල් ඇසුරුමකින් ඉදිරිපත් කළේ එමගින් අවසන් බිංදුව තෙක්ම එම වටිනා Face Wash පෙළ පාවිච්චි කළ හැකි වීම නිසායි,” යන්නය.

වසර 2005 දී ඇරඹූ රීබොන් කොස්මෙටික්ස් සමාගම පූර්ණ ශාකසාර අඩංගු රූපාලංකරණ නිෂ්පාදන පෙළක් නිපදවන සමාගමකි. එහි නිෂ්පාදන අතර" ශාකසාර ෂැම්පු, සිලිකන් කන්ඩිෂනර්, සෝදාහරින කන්ඩිෂනර්, බ්ලැක් හෙනා, ෆේස්වොෂ්, ෆෙයාර්නස් ක්‍රීම්, ඇඟ ගල්වන සබන් හා අත් සෝදන දියර වෙති. රීබොන් රූපාලංකරණ නිෂ්පාදන ජපානය, ඉන්දියාව, මැදපෙරදිග හා මාලදිවයින යන රටවලට අපනයනය කෙරේ. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top