Jul 24, 2017

ගංවතුර ආපදාවට සිංගර් සුරක්ෂා වෙතින් සහන

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගංවතුර නිසා දහස් ගණනකට නිවාස අහිමි වූ අතර, ආගම් ජාති කුලමල නොතකා ගංවතුරින් විපතට පත් ශ්‍රී ලාංකිකයන් හට සහය වීමට මෙරට ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන සිංගර් ශ්‍රී ලංකා (පී.එල්.සී) සමාගම කටයුතු කරයි.

ඒ,  සිංගර් "සුරක්ෂා" නමින් හදිසි අවස්ථා වලදී නිෂ්පාදන ආදේශක ආවරණයක් ක්‍රියාත්මක කරමිනි.

වගකීම් කාලය වසර 3ක් හෝ ඊට වැඩි ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ ප්‍රතිස්ථාපනයක් මෙමගින් සිදුවේ. මෙම ආවරණය යටතේ පසුගිය ගංවතුරෙන් හානියට පත් විදුලි උපකරණ හිමි සිංගර් පාරිභෝගිකයන් සියයකට වැඩි පිරිසකට සහන ලැබී ඇත.

මීට අමතරව, සිංගර් සමාගම විසින් “සැනසුම" හා "සැනසුම ප්ලස්" මගින් සියලුම නිෂ්පාදන මිලදී ගැනීම් සඳහා වගකීම් සැලැස්මක් හඳුන්වා දී තිබේ.

මේ පිලිබඳ වැඩි විස්තර සඳහා 011 - 2 316 316 අමතන්න.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top