Jul 26, 2017

ජිමී චූ අලුත් අතකට යයි

කාන්තා විලාසිතා ලෝකයේ සුඛෝපභෝගී පාවහන් සන්නාම නාමයක් වන ජිමී වූ හට නව හිමිකරුවෙකු ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ විලාසිතා ලොව තවත් දැවැන්ත නාමයක් වන මයිකල් කෝර්ස් ය.

සිය නිෂ්පාදන අංශය විවිධාංගීකරණය කිරීමට ජිමී වූ හිමිකාරීත්වය වෙනුවෙන් පවුම් මිලියන 896ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2) ලබා දීමට කටයුතු කරන බව මයිකල් කෝර්ස් ඊයේ (25) ප්‍රකාශ කර තිබුණි.

මෙම පුවතත් සමග ජිමී චූ හි කොටස් වටිනාකම 17%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

ජිමී කෝ හි විශාලතම කොටස් හිමි JAB හෝල්ඩින්ස් සමගාමද පවසා ඇත්තේ නව හිමිකාරීත්වය සඳහා සිය සහය පල කරන බවයි.

ජිමී චූ සන්නාම නාමය වසර 1996දී ආරම්භ කරන ලද්දේ වෝග් විලාසිතා සඟරාවේ හිටපු accessories කර්තෘ තමාරා මෙලොන් හා නිර්මාණ ශිල්පී ජිමී චූ විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top