Jul 27, 2017

කෝක් සීරෝ වෙනස් වෙයි

සීනි රහිත කොකා කෝලා ප්‍රියකරන්නන් අතර අතිජනප්‍රිය කෝක් සීරෝ පානය නවතා දැමීමට කොකා කෝලා සමාගම තීරණය කර තිබේ.

මේ අනුව ලබන මාසයේ සිට ඇමෙරිකාව පුරාවට කෝක් සීරෝ පානය අලෙවි කිරීම අත්හිටුවෙනු ඇත. ඒ වන විට වෙළඳපොලට නව පානයක් වන කෝක් සීරෝ ෂුගර් (Coke Zero Sugar) හඳුන්වාදීමට කොකා කෝලා සමාගම බලාපොරොත්තු වේ.

මේ අනුව එහි වට්ටෝරුව, පෙනුම හා නම වෙනසකට ලක්වේ.

සීනි හා කැලරි රහිත මෙම පානය ද පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වනු ඇති බවට ඔවුන් ගේ අදහසයි.

කොකා කෝලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් ක්වින්සි පවසා ඇත්තේ ඩයට් කෝක් හා කෝක් සීරෝ පානයන් සීනි රහිත බවට බොහෝ පුද්ගලයන් හට අවබෝධයක් නොමැති බවයි. නමුත් ‘කෝක් සීරෝ ෂුගර්’ නාමය සමග මෙම කරුණ ඉතා මැනවින් පැහැදිලි වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත්, කෝක් සීරෝ පානය නවතා දැමීමට ගෙන ඇති මෙම තීරණය බොහෝ පාරිභෝගිකයන් ගේ විචේචනයට ලක්වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top