Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 30, 2017

සීනි සමාගමකට අවසර දෙන්න දශ ලක්‍ෂ 400 ක පගාවක් ඉල්ලලා ! Featured

දැනට වසා දමා ඇති මෙරට ප්‍රධාන පෙළේ සීනි සමාගමක වැඩ නැවත ආරම්භ කිරීමට අවසර දීම සඳහා එක්‌තරා අමාත්‍යාංශ නිලධාරියකු විසින් රුපියල් දශ ලක්‌ෂ 400 ක්‌ අල්ලස්‌ වශයෙන් ඉල්ලා ඇත.

තමා ළඟදීම විශ්‍රාම යැමට නියමිත බැවින් කොළඹින් සුවපහසු මන්දිරයක්‌ මිලදී ගැනීම සඳහා මේ මුදල අවශ්‍ය බව ඔහු ආයෝජකයන්ට කියා තිබේ.

වසර ගණනාවක්‌ පුරා ප්‍රයෝජනයට නොගනිමින් වසා දමා තිබූ මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක්‌ මගින් විදෙස්‌ ආයෝජකයෙකු සමඟ රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක්‌ ලෙස පවත්වාගෙන යැමට ගිවිසුම අත්සන්කොට වසරක්‌ ගතවී ඇතත් මේ වන විටත් එහි නිෂ්පාදන කටයුතු ආරම්භකොට නැත.

අදාළ කර්මාන්තශාලාවේ වැඩ කටයුතු නැවත ආරම්භ කරනු පිණිස ඉන්දියානු සමාගමක්‌ හා රජය 2016. 08.11 වැනි දින අත්සන් කරන ලද ගිවිසුමට රජයේ පාර්ශ්වයෙන් මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාත් ඒ සඳහා මුදල් ආයෝජනය කරන ඉන්දියානු සමාගම වෙනුවෙන් එහි සභාපතිවරයාත් අත්සන් තබා ඇත.

ගිවිසුමට අනුව හවුල් ව්‍යාපාරයේ 51% කොටස්‌ රජයට හිමිවන අතර ඉතිරිය ආයෝජක සමාගම සතුය. මේ සඳහා විදේශීය සමාගම විසින් ආයෝජනය කර ඇති මුදල් ප්‍රමාණය ඇ. ඩො. මිලියන 100 කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top