15976 BM WEB BANNER 01
Aug 05, 2017

ඇට්ලස් ඇක්සිලියා, චීනයේ ‘ඩෙලි’ හා එක්වේ

ශ්‍රී ලාංකේය කාර්යාල හා පාසල් ලිපිද්‍රව්‍ය වෙළෙඳපොලේ ප්‍රමුඛතම වෙළෙඳ නාමයවන ඇට්ලස් ඇක්සිලියා සමාගම" චීනයේ කාර්යාල ලිපිද්‍රව්‍ය හා උපකරණ ක්ෂේත්‍රයේ අංක එකේ වෙළෙඳනාමයවන ‘ඩෙලි’ (DELI) සමග පසුගියදා උපායමාර්ග හවුල්කාරත්වයකට එළැඹුණි.

මෙම හවුල්කාරත්වය සමග දේශීය පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් උසස් කාර්යාල ලිපිද්‍රව්‍ය පෙළක් සැපයීමේ අවස්ථාව ඇට්ලස් ඇක්සිලියා සමාගමට හිමිව ඇත.

ඇට්ලස් ඇක්සිලියා" (පෙර පැවති සිලෝන් පෙන්සිල් පුද්. සමාගම) පාරිභෝගිකයන්ගේ ජීවිතවලට නව අගයක් එක් කරන විවිධාංගිකරණය වූ වඩාත් වේගයෙන් අලෙවිවන පාරිභෝගික භාණ්ඩ (FMCG) හිමි ව්‍යාපාරයක් වීමේ අරමුණෙන් තම නවතම දැක්ම" මෙහෙවර හා ආයතනික අගයන් පසුගියදා එළිදැක්වීය. එම දැක්ම තුළ වඩාත් ශක්තිමත් හා විශාල අලෙවි බලකායක් බවට පත්වෙමින්" ශ්‍රී ලංකාව හා ලෝකයේ පිබිදෙන වෙළෙඳපොල ජයගැනීම සඳහා වන ගමනේ ආරම්භයක් ලෙස ‘ඩෙලි’ සමග වූ හවුල්කාරත්වය හැඳින්විය හැක.

‘ඩෙලි’ නිෂ්පාදන දැනටමත් ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක අලෙවි කෙරෙන අතර" ස්ටෙප්ලර් මැෂින්" පන්චර්ස්" මැළියම් හා කැල්කියුලේටර් ඇතුළු උසස් ප්‍රමිතියේ ලිපිද්රව්ය නිෂ්පාදන 3000කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි.
 
ඇට්ලස් ඇක්සිලියා සමාගම සමග ඇතිකරගත් හවුල්කාරත්වය සම්බන්ධයෙන් ‘ඩෙලි’ සමාගමේ දකුණු ආසියානු කලාපීය අලෙවි කළමනාකරු" බොයෙන් ජියාන් මහතා ඇට්ලස් ඇක්සිලියා වාර්ෂික අලෙවි සමුළුවේදී අදහස් දක්වමින් පැවසුවේ, ”එළැඹි හවුල්කාරත්වය පිළිබඳව ඉමහත් සතුටට පත්වන බවත්" ඉහළ වෘත්තීමය, ආචාරශීලි, ක්‍රමවත් වැඩපිළිවෙලක් සමගින් ව්‍යාපාරයට ප්‍රවේශවීම බොහෝ වැදගත් බවයි.

‘ඩෙලි’ සමාගම සමග ඇති කරගත් හවුල්කාරත්වය පිළිබඳව අදහස් දැක්වූ ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී" හම්සා මොහොමඞ් මහතා පැවසුවේ මෙසේය.  “ඩෙලි සන්නාමය යටතේ අතිවිශාල නිෂ්පාදන පෙළක් තිබීම අප තුළ කදිම උද්යෝගයක් ඇති කරන්නක්. ඩෙලි සමග අප ව්‍යාපාරය තුළ කාර්යාල ලිපිද්‍රව්‍ය අංශය විශාල දායකත්වයක් දක්වනු ඇතැයි අප අපේක්ෂා කරන බව හා ඉතා උසස් ප්‍රමිතියේ නිෂ්පාදන පෙළකට හිමිකම් කියන හෙයින් එම වෙළෙඳනාමයත් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට අපේ අලෙවි බලකාය කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි මා සිතනවා.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top