Aug 05, 2017

වාර්තාගත බදු පෙර ලාභ සමග ලංකා බැංකුව 78 වසරක් සමරයි

මේ වසරට 78ක් වසරක සේවා කාලයක් සැපිරෙන ලංකා බැංකුව වාර්තාගත බදු පෙර ලාභයක් ලබා ඇතැයි වාර්තා වේ.

වසර 2015 සඳහා රු. බිලියන 25.3ක හා 2016 වසර සඳහා රු. බිලියන 31.6ක බදු පෙර ලාභයක් ලැබූ ලංකාවේ එකම හා පළමු ව්‍යාපාරික ඒකකය (single business entity) ලෙස ලංකා බැංකුව ඉතිහාසගත වන බව එහි ජේ‍යෂ්ට නිලධාරියෙකු පවසයි.

මහජනයා වෙත වඩාත් වාසිදායක හා උසස් මට්ටමේ සේවා ලබාදෙමින් දැයේ සමාජ-ආර්ථික සංවර්ධනය උදෙසා ලංකා බැංකුව ඇපකැප වෙමින් කටයුතු කරන බව එහි සභාපති රොනල්ඩ් සී. පෙරේරා මහතා පවසයි.

මෙරට බැංකු ක්ෂේත්‍රය ඉහළ නංවමින් ජාත්‍යන්තර තත්ත්වයන් කරා ගෙන යාමට ලංකා බැංකුව කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වසර 1939 අගෝස්තු 01 දා කොළඹ බ්‍රිස්ටල් වීදියේ ස්ථාපිත කෙරුණු ලංකා බැංකුව, පසුගියදා Brand Finance Lanka (lk) විසින් පිටපිට 09 වන වරටත් මෙරට හොඳුම බැංකුව හා අංක එකේ සන්නාම නාමය ලෙස ප්‍රකාශයට පත්කෙරණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top