15976 BM WEB BANNER 01
Aug 07, 2017

Huawei - ශ්‍රී ලංකා ක්‍රිකට් කුසපත් ඇදීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර සහයෝගීතාව සළකුණු කරමින්  ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි.

මේ යටතේ 2017 ජුලි 17 සහ සැප්තැම්බර් 9 අතර කාල සීමාව තුළ GR3 2017, GR5 2017 සහ GR5 2017 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගත්  පාරිභෝගිකයින් අතුරින් කුසපත් ඇදීමෙන්  ජයග්‍රාහකයින් බවට පත්වන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

Huawei හි බලයලත් නියෝජිතයින් වෙතින් Huawei GR3 2017, GR5 2017 සහ GR5 2017 Premium ආදී ස්මාර්ට්ෆෝන් මිලදී ගත් පාරිභෝගිකයින්ට තමන් සතු වගකීම් සහතිකය  භාවිත කරමින් මෙම තරඟාවලියට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙයි. මේ සඳහා කළ යුත්තේ තම වගකීම් සහතිකයේ ඡායාරූපයක් ගෙන මිලදී ගත් ස්මාර්ට්ෆෝනයේ IMEI අංකයද සමඟ  Viber හෝ  Whatsapp මඟින් 0772999001 යන දුරකථන අංකයට යොමු කිරීම පමණි.

ඒ අතරින් සතිපතා කුසපත් ඇදීමෙන් අහඹු ලෙස ජයග්‍රාහකයින් තෝරා ගැනෙන අතර ජයග්‍රාහකයින්ගේ නම් Huawei ෆේස්බුක් පිටුවෙහි පළ කෙරෙන අතර, ජයග්‍රාහකයින් වෙත දුරකථන මාර්ගයෙන් දැනුම් දීමට ද නියමිතව තිබේ. ඒ සමඟම එම ජයග්‍රාහකයින්ට සමීපතම  Huawei මධ්‍යස්ථානය වෙත ගොස් .තමන්ට හිමි ත්‍යාගය ලබාගැනීමටද කටයුතු සැලසුම් කර තිබේ.

මේ යටතේ ජයග්‍රාහකයින් 360 දෙනෙක් තෝරා ගැනීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සහ Huawei එක්ව එම ජයග්‍රාහකයින් වෙත තයාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මේ අනුව  සමරු ක්‍රිකට් ටී ෂර්ට්, ශ්‍රී ලංකා සහ ඉන්දියා එක්දින තරඟ නැරඹිම සඳහා ප්‍රවේශ පත්, GR3 2017 සහ GR5 2017 Premium  ස්මාර්ට්ෆෝන්  මෙන්ම    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් අත්සන් තබන ලද ක්‍රිකට් පිති ආදී ත්‍යාග රැසක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිවෙයි. එපමණක් නොව GR3 2017, GR5 2017 වැනි ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින් ට නොමිලේ බැක්පැක්  සහ GR5 2017 Premium ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින් ට පවර්බෑන්ක් ආදිය නොමිලේ හිමිකරගැනීමට ද අවස්ථාව පවතී.

තවද, මීට සමගාමීව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ආශ්‍රිත ක්‍රියාකාරකම් පදනම් කරගනිමින්  විශේෂ තරඟයක් පැවැත්වෙන අතර ඒ අතර “ Guess The Cricketer’, Jigsaw puzzles සහ  Cricket Trivia තරඟ ද වෙයි. තවද ජුලි 20 වන දින සිට සැප්තැම්බර් 5 වන දින දක්වා  දිවයිනේ ප්‍රධාන නගර 20 පැවැත්වෙන ජංගම ප්‍රවර්ධන වැඩසටහන් මඟින් මෙම තරඟ පිළිබඳ ප්‍රවර්ධනය කිරීම සිදුකෙරෙයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේ  Huawei ජාත්‍යන්තර ප්‍රමුඛ සන්නාමයක් ලෙස මෙරට ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ඉනිමක් සඳහා එක්ව කටයුතු කරන බවයි. මෙම සහයෝගීතාව මඟින් Huawei සන්නාම තානාපතිවරුන් වන පාරිභෝගිකයාට තමන් කැමතිම ක්‍රීඩාව වන ක්‍රිකට් හා එක්ව ජයග්‍රාහකයින්  වීමට සකසා ඇති අවස්ථාවක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන හැඳින්විය හැකි බවද හෙතෙම සඳහන් කළේය. මෙම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වන පාරිභෝගිකයින්ට විශිෂ්ට සන්නාමයක් හිමිකරගැනීම පමණක් නොව විශිෂ්ට තෑගි දිනාගැනීමටද අවස්ථාව හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ නිසා මෙම ප්‍රවර්ධන වැඩසටහන් හා එක්වන ලෙස ස්මාර්ට්ෆෝන් ලෝලීන් මෙන්ම ක්‍රිකට් ලෝලීන් වන පාරිභෝගික සමූහයට තමන් ඇරයුම් කරන බව ද  ඒ මහතා සඳහන් කළේය.

වසර 2016 දී Brand Finance ශ්‍රේණිගත කිරීම් අතර ලොව වටිනාතම සන්නාම 100 අතර 47 වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්වී ඇති අතර, Interbrand’s හි ශ්‍රේණිගත කිරීම් වලට අනුව 72 වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත්ව සිටියි. GfKවාර්තා වලට අනුව ලොව ස්මාර්ට්ෆෝන් වෙළඳ පලින් 30% ක කොටසක් හිමිකරගෙන ඇත්තේ   Huawei විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top