Nov 17, 2016

බිස්නස් ටුඩේ ටොප් 30, ව්‍යාපාරික දැවැන්තයන් අගයයි

වාර්ෂිකව පැවැත්වෙන‘බිස්නස් ටුඩේ ටොප් 30’ සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවේ දී මෙරට ලැයිස්තුගතව තිබෙන සමාගම් අතුරින් 2015 - 16 මූල්‍ය වසරේදී ඉහළම කාර්ය සාධනයක් පවත්වාගත් සමාගම් 30 ක් සම්මානට පාත්‍රවිය.

මේ වසරේ 'බිස්නස් ටුඩේ ටොප් 30’ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

සම්මානලාභීන් අතර ප්‍රමුඛස්ථානයට පැමිණීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම මේ වසරේද සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පිළිවෙළින් පත්ව සිටියේ කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුවයි.

මෙවර 'බිස්නස් ටුඩේ ටොප් 30’ සම්මානලාභීන් මෙසේය.

01. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්
02. කොමර්ෂල් බැංකුව
03. හැටන් නැෂනල් බැංකුව
04. ලංකා දුම්කොළ සමාගම
05. ඩයලොග් ආසියාටා
06. සම්පත් බැංකුව
07. ශ්‍රී ලංකා ඩිස්ටිලරීස්
08. ලංකා ඔරික්ස් ලීසිං සමාගම
09. නෙස්ලේ ලංකා
10. බුකිට් දාරා
11. වැලිබල් වන්
12. ශ්‍රී ලංකා ටෙලිකොම්
13. හේලීස්
14. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස්
15. සෙලින්කෝ රක්ෂණ සමාගම
16. හේමාස් හෝල්ඩින්ග්ස්
17. සෙලාන් බැංකුව
18. ෂෙව්රොන් ලුබ්‍රිකන්ට්ස් ලංකා
19. ජාතික සංවර්ධන බැංකුව
20. සෙන්ට්‍රල් ෆයිනෑන්ස් සමාගම
21. DFCC බැංකුව
22. එයිට්කන් ස්පෙන්ස්
23. CT හෝල්ඩින්ග්ස්
24. ඇක්සෙස් ඉන්ජිනියරිං
25. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
26. ලංකා අයි. ඕ. සී.
27. ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා
28. රිචඩ් පීරිස්
29. සොෆ්ට්ලොජික්
30. සිංගර් ශ්‍රී ලංකා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top