15976 BM WEB BANNER 01
Sep 01, 2017

HNB ටෙලර් වලිනුත් දැන් Hutch රීලෝඩ් දාන්න!

හැටන් නැෂනල් බැංකුවේ දිවයින පුරා පිහිටා ඇති ATM යන්ත්‍ර හා මුදල් තැන්පත් යන්ත්‍ර (CDM) ජාලය ඔස්සේ විශේෂ පහසුකමක් ලබාදීමට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්යාප්ත ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් මෙහෙයුම්කරුවෙකු වන Hutch සැරසේ.

මේ සඳහා Hutch සමාගම හා හැටන් නැෂනල් බැංකුව පසුගියදා එකඟතාවයකට පැමිණ තිබේ.

මේ අනුව, HNB සමඟ ගනුදෙනු කරන HUTCH පාරිභෝගිකයන් හට සිය ජංගම දුරකතන බිල්පත් හා රීලෝඩ් කටයුතු HNB ටෙලර් යන්ත්‍ර වලින් සිදුකරගැනීමට පහසුකම් සැලසේ.

දිනපතා 24 පැයේම ක්‍රියාකාරී මෙම යන්ත්‍ර වලට බැංකු කටයුතු සඳහා පිවිසෙන Hutch පාරිභෝගිකයන් හට එකවරම සිය බිල්පත් ගෙවීමට හෝ රීලෝඩ් පහසුකම් ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hutch සමාගමේ ජේ‍යෂ්ඨ කළමනාකරු (අත්පත් කරගැනීම් හා බෙදාහැරීම්) මෙල්රෝයි තෝමස් මහතා පවසා සිටියේ කාර්යබහුල පාරිභෝගිකයන් විසින් නිසැකවම මෙම සේවාව අගය කරනු ඇති බවයි.

හැටන් නැෂනල් බැංකුවේ ඩිජිටල් බැංකු අංශයේ කළමනාකරු - චක්ෂික අමරවර්ධන මහතා අදහස් දක්වා සිටියේ මෙසේය.  "සම්ප්‍රදායික රීලෝඩ් ක්‍රමවේද භාවිතා කළ ජංගම භාවිතා කරන්නන් මේ වනවිට ස්වයං සේවා නාලිකා වෙත මාරු වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ හොඳම ටෙලර් යන්ත්‍ර ජාලය හරහා තම ගණුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට Hutch විසින් ගෙන ඇති තීරණය කාලීන තීරණයක්.”

මීට අමතරව, Hutch සමාගම විසින් මෙම සේවාව වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මෙරට අනෙකුත් බැංකු සමග ද සාකච්ඡා කරමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top