Sep 05, 2017

පීපල්ස් ලීසිං නව රත්නපුර ශාඛාව විවෘත වේ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ රත්නපුරය ශාඛාව ‘අංක 244, මොරගහයට, කොළඹ පාර, රත්නපුරය” යන ස්ථානයේදී එම සමාගමේ නියෝජ්‍ය සාමාන්යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි.

වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ්‍රයක පීපල්ස් ලීසිං සමාගමේ රත්නපුරය ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ප්‍රධාන කළමනාකරු - නීල් තුශාන්ත හා ජේ‍යෂ්ඨ කළමනාකරු - වජිර රාමනායක යන මහත්වරු ඇතුළු ගණුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ රත්නපුරය නව ශාඛා පරිශ්‍රය විවෘත කරමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, “ජන හද හඳුනන ලීසිං” යන්න තේමාව කරගත් අප සමාගම මෙරට ලීසිං සමාගම් අතර ප්‍රමුඛතම ලීසිං සමාගමයි. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිතව රත්නපුරය නගරයේ මෙම නව ශාඛාව විවෘත කෙරුණේ අප සමාගමේ මහජන හිතකාමී මූල්‍ය සේවා අත්දැකීමට රත්නපුරය ප්‍රදේශයේ ජනතාවට වැඩි අවස්ථාවක් සලසාදීමටයි. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප්‍රකටයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනුමට රත්නපුරය ප්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප්‍රර්ථනා කරනවා,” යන්නය.

PLC Rathnapura Relocation Pix 02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top