Sep 12, 2017

ඇඟළුම් වාසි ඉහළ යන ලකුණු

යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය ඉදිරියේදී වැඩි වාසි ලැබිය හැකි බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇණවුම් වැඩිවීමත් සමග ඉදිරි 18 මාසයක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක අතිරේක ආදායමක් රටට ලබාදීමට හැකිවනු ඇති බවට ඇඟළුම් ක්ෂේත්‍රය විශ්වාසය පළ කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ක්ෂේත්‍රයේ නිලධාරියෙකු පවසා සිටියේ වසර 2020 වන විට මෙරට ඇඟළුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 08ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර, යළිත් හිමිවූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය උපරිම වශයෙන් යොදාගැනීමට ඇඟළුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් පැවැත්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය උත්සුක වෙමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top