Sep 12, 2017

ස්වදේශී වෙතින් ‘රාණි සඳුන් ජෙල් බාර්’

ශ්‍රී ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය, මෙරට පළමු ‘ජෙල් බාර් සබන්’ වර්ගය ලෙසින් නව පරපුරට ගැලපෙන ‘රාණි සඳුන් ජෙල් බාර්’ සබන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දී තිබුණි.

මෙරට පළමු සුවඳ සබන් වර්ගය ලෙසින් දශක හතකට පෙර මෙරට වෙළෙඳපොලට එක්වූ ‘රාණි සඳුන් සබන්’ වර්තමානයේ පවා මෙරට කතුන් අතර ප්‍රියතම නිෂ්පාදනයකි. නව ‘රාණි සඳුන් ජෙල් බාර්’ සබන් මෙරටට හඳුන්වාදුන්නේ එම සුවිශේෂී නිෂ්පාදනයෙහි නව පරපුරට ගැලපෙන්නක් ලෙසිනි.

සම පිරිසිදුකිරීමේ නැවුම් අත්දැකීමක් සැපයෙන ‘ජෙල් බාරයක් තුළ ජෙල්’ අඩංගු නව පරපුරේ සබන් වර්ගයක් වන ‘රාණි සඳුන් ජෙල් බාර්’ හි සඳුන් සාරය සමග මීපැණි අඩංගුවීමෙන් එමගින් සමේ තෙතමනය සුරැකෙන අතර සුමුදු සමක හිමිකම්කීමේ අවස්ථාව දැන් මෙරට තරුණ පරපුරට හිමි වේ.  

සඳුන්, රාජකීය ළඳුන්ගේ රුව සුරකින රහස වේ. එකළ රාජකීය ළඳුන් දිඳුළන සමකට හිමිකම් කීවේ ගලක් මත උළන ලද ස්වභාවික සඳුන් දණ්ඩකින් ලැබෙන තළපය සම මත තැවරීමෙනි.

එමගින් රාජකීය හා වංශවත් කතුන්ට තෙල් සහිත බවකින් තොර, දිඳුළන හා සුමුදු සමක් හිමිවිණ. මෙම නව ‘රාණි සඳුන් ජෙල් බාර්’ සඳහා පැහැපත් හා දිඳුළන සමක් සැපයෙන එම සුවිශේෂී සඳුන්වලට කුරුළෑ හා සම වියපත්වීම මර්දනය කරන ‘මීපැණි’ එක්කර තිබීමෙන් පැය ගණනක් පුරා සමෙහි තෙතමනය රැකදී දිඳුළන සමක් ලබාදේ. එහෙයින් මෙම නවතම ‘රාණි සඳුන් ජෙල් බාර්’ විලාසිතා හා සුමුදු දිඳුළන සමක් ගැන උනන්දුවක් දක්වන නව පරපුරේ කතුන් හා යුවතියන්ට වඩාත් ගැළපෙන්නකි. සමෙහි පවිත්‍රකාරකබව, තෙතමනය, රුව වඩනබව තුළින් තරුණබවින් පිරිපුන් සමක් හිමිකරදීමේ ගුණාංග සඳහාම මෙම ‘රාණි සඳුන් ජෙල් බාර්’ නිර්මාණය කර ඇත.

තම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් ස්වදේශී සමාගම පවසන්නේ, යුත් ‘රාණි සඳුන් ජෙල් බාර්’ හි ආකර්ෂණීය ඇසුරුමෙන්ම එහි වෙනස් ස්වභාවය පැහැදිලි කෙරෙන අතර, එය වෙළෙඳපොලෙහි කදිම උනන්දුවක් නිර්මාණය කරන්නක් වනු නො අනුමාන බවය. එහෙයින් මෙරට පළමු ‘ජෙල් බාර් සබන්’ වර්ගය ලෙසින් එය ‘නව ප්‍රවණතාවක්’ ඇති කරනු ඇතැයි ස්වදේශී සමාගම අපේක්ෂා කෙරේ.

ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාවක් පැවසුවේ, ‘රාණි’ සඳුන් සබන් පෙළට එක්වූ නව නිෂ්පාදනය සමගින් මෙරට සුපිරිවෙළෙඳසල් ජාලයට නවතම අත්දැකීමක් එක්කිරීමට ස්වදේශී සමාගම අපේක්ෂා කරනවා. නව පරපුරේ සබන් භාවිතාකරන්නන්ගේ ඉල්ලූමට සරිළන සේ ජෙල් බාර් ස්වරූපයෙන් වෙළෙඳපොලට එක්වූ ‘රාණි සඳුන් ජෙල් බාර්’ මුල් ‘රාණි සඳුන් සබන් වල සම්ප්‍රදායික යහගුණය එළෙසින්ම නියෝජනය කරන්නක්. එමෙන්ම ‘රාණි සඳුන් ජෙල් බාර්’, සම පවිත්‍රකිරීම හා රුව වැඞීම පමණක්ම නොව සමෙහි තෙතමනය, සුමුදුබව හා තරුණ පෙනුම සුරකින බවට ‘රාණි’ නිෂ්පාදන පෙළෙහි පොරොන්දුව තවත් ශක්තිමත් කරන්නක්.’ යන්නය.

රාණි සඳුන් සබන් 1941දී ස්වදේශී සමාගමේ කදානේ පිහිටි කර්මාන්තශාලාවෙහි නිපදවූ පළමු සබන් නිෂ්පාදනය මෙන්ම මෙරට පළමු සුවඳ සබන් වර්ගයද විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top