15976 BM WEB BANNER 01
Sep 16, 2017

ධම්මික සිංගර් එකත් අරං !

දිවයිනේ ප්‍රකට ව්‍යාපාර සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පී.එල්.සී. ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලීස් පී.එල්.සී. සමාගම විසින් මිලදී ගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් 13 වැනිදා කොළඹ ව්‍යාපාර කොටස් හුවමාරුවේදී සිදුවූ කොටස් අලෙවිකරණ ගනුදෙනුවකදි සිංගර් සමාගමේ මෙතෙක් වැඩි අයිතිය තිබූ ඇමරිකානු රිටේල් හෝලිඩින්ස් සමාගමට අයත් කොටස් හේලීස් සමාගම විසින් අත්පත් කරගෙන ඇත.

මේ සඳහා ධම්මික පෙරේරාට අයත් හේලීස් සමාගම ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් කෝටි 1250ක් වේ.

ධම්මික පෙරේරාට හේලීස් පී.එල්.සී. සමාගමේ 43% ක කොටස් අයිතියක් තිබේ.

සිංගර් ශ්‍රී ලංකා හි ස්ථිර සේවකයන් 500කට ආසන්න පිරිසක් සිටින අතර එහි අනියම් සේවකයන් 10,000කට වැඩි පිරිසක් ඇතැයි පැවසේ.

එම සමාගමට රටපුරා ශාඛා 350ක් ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top