15976 BM WEB BANNER 01
Sep 18, 2017

ලංගම - සියැට් කැළණි ගිවිසුමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සියැට් කැළණි ටයර් සමාගම සමග (CEAT Kelani International Tyres (Pvt.) Ltd.) දැවැන්ත ගිවිසුමකට එළැඹ ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම පිණිස විවෘත තරගකාරී ලංසු කැඳවා තිබුණි.

එම මිල ගණන් ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ විවිධ වර්ගවල ටයර් කට්ටල 33,672ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1,115 කට M/s. CEAT Kelani International Tyres (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය වර අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමත කරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top